ශාන් වික්‍රමසිංහටම අත තිබ්බා නම් අනිත් මාධ්‍ය ගැන කවර කතාද…?

0

රටේ සිටින ප්‍රමුඛතම මාධ්‍යවේදීයෙකු හා රුපවාහිනි නාලිකා ආරම්භයේ පුරෝගාමීයෙක් වන ශාන් වික්‍රමසිංහගේ TNL නතර කරන වටපිටාවක අනෙක් මාධ්‍ය වලට ඇති සුරක්ෂිතබව කවරක් විය හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ ප්‍රශ්න කර සිටියා.

ටී. එන්. එල් රුපවාහිනි ආයතනයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය TRCවිසින් අවහිර කිරිම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදි පැවති විවාදයෙදි ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ ශාන් වික්‍රමසිංහ වැදගත් වන්නේ අගමැතිවරයාගේ සහෝදරයා වීම නිසා නොව ලංකාවට රුපවාහිනි නාලිකා විකාශන තාක්ෂණය, ගුවන් විදුලි තාක්ෂණය ගෙන ඒමට පුරෝගාමී වූ පුද්ගලයෙක් නිසා බවයි. එසේම ස්වාධීන රුපවාහිනී සේවයේ නිර්මාතෘවරයා වන්නේ ද ශාන් වික්‍රමසිංහ බව මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.

රාජකීය විදුහලේ ඉගනුම ලබන සමයේදි ඒ සම්බන්ධ තාක්ෂණික අවශ්‍යතා සඳහා ශාන් වික්‍රමසිංහ යොදා ගත්තේ මහජන මුදල් නොව රනිල් වික්‍රමසිංහ ට හා ශාන් වික්‍රමසිංහට ලබා දුන් පොකට් සල්ලි වලින් බවත් ඉතිහාසය මතක් කරමින් ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here