TNL විකාශණාගාරය සීල් තැබිමේදි TRCය ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කරලා…

0

TNL රූපවාහිනි නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරය අත්හිටුවිමේදි TRC හෙවත් විදුලි සංදේශණ නියාමන කොමිසම් සභාව අනුගමනය කලයුතු ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර තිබේන බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ පෙන්ව දුන්නා.

TNL රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගාරයේ උපකරණ පොලිසිය භාරයට ගැනිම සම්බන්ධයෙන් වු B වාර්තාව් පිළිබඳව ඊයේ(08) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලු අවස්ථාවේ ඔහු මේ අදහස් පලකර සිටියා.