බැදුම්කරේ සල්ලි ගත්ත මන්ත්‍රිගේ B වාර්තාව දාන එක නැවැත්තුවේ කවුද?

0

ඇලෝසියස්ගේ පර්පර්චුවල් ට්‍රෙෂරීස් සහ අනුබද්ධිත සමාගම් වලින් මුදල් ලබා ගත් මන්ත්‍රිවරුන් නොමැති බවට කතානායකයවරයා පවසා සිටින්නේ ඒ පිළිබඳව තොරතුරු ඔහුට හිමි වී නොමැති අවස්ථාවක බව කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් පවසනවා.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.

“දැන් අපි ඉල්ලන්නේ සම්පූර්ණ වාර්තාව මිසක්කා C 350 කියන වාර්තාව පමණක් නොවේ. C 350කියන වාර්තාව පදනම් කරගෙන තමයි ඔස්ටින් ප්‍රනාන්දු මහත්මාත්, පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාත් කටයුතු කරමින් ඉන්නේ. පිටු 6200ක් අපි දන්නවා හංගාගෙන ඉන්නවා. ඊට වැඩි වෙන්න පුළුවන්. බැදුම්කරේ සම්බන්ධව ලංකාවේ 200කට ආසන්න පුද්ගලයන් ප්‍රමාණයක් ගිහිල්ලා තියනවා. ඉතාම වගකීමෙන් කියන්නේ. අවශ්‍ය නම් නියෝග කරනවා නම් පාර්ලිමේන්තුව ගේනවා නම් අපි කියන්නම් කවුද කියලා. කරු ජයසූරිය මහත්තයා නෑ කියන්නේ කොහොමද එතුමාට දීලා නෑනේවාර්තාව .දයාසිරි ජයසේකර මැතිතුමා කිව්වාද මේ වැඩේ එලියට එනක්ම් අතර අහුවෙනකම්, චෙක් එක එළියට එනකම් කිව්වාද? සුජීව සේනසිංහ කිව්වාද? ඊයේ තව කෙනෙකුගේ Bවාර්තාව දාන්න හැදුවා. බලහත්කාරයෙන් ඒක නැවැත්තුවා අපි ඒක දන්නවා. ඒ ක්‍රෙඩිට් කාඩි එක ගැන B වාර්තාව ආවානම් වැල්ලවත්ත The Station අවන්හල ආශ්‍රිතව මේ සල්ලි ගෙවපු තාලේ එලියට එනවා. මාධ්‍යවේදීන් අපි මේ කතාවට කිව්ව ඉතාම පැහැදිලිව මේ බැදුම්කර ක්‍රියාවලියේ සල්ලි ලබලා තියනවා. සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සල්ලි ලබනවා තියනවා.” ඔහු මෙහිදි පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here