ඔක්කෝම කුණු කතා ලක්ෂ 30කට…..හැමදේම කළේ ජනාධිපති කිව්ව නිසාලු….මට කලන්තෙ හැදුණා

0

සිය මැතිවරණ ව්‍යාපාරයට මිලියන 35 වැය වූ බවත් ඒ සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූ පිරිස ඇලෝසියස්ගෙන ලක්ෂ 30 ලබා ගෙන ඇති බව දැන් ගත්තේ පසුව බවත් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා.

ඊයේ (8) ඔහුගේ නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

තමා කිසිවකුගෙන්වත් චෙක්‌පත් ලබාගෙන නැති බවත් තම මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ මිත්‍රයන් කණ්‌ඩායමට මෙන්ඩිස්‌ සමාගමෙන් ලැබුණු චෙක්‌පත් මුදල් කරගෙන විවිධ ගෙවීම් සඳහා භාවිත කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා මෙන්ඩිස්‌ සමාගමෙන් චෙක්‌පත් ලැබී ඇති බවට තමා දැනගත්තේ පසුගියදා ඒ පිළිබඳ හෙළිදරව් වීමෙන් පසුව බවත් කලින් දැනගෙන සිටියේ නම් මෙවැනි චෙක්‌පත් ලබාගැනීමට කිසිවිටකත් ඉඩ නොදෙන බවත් සඳහන් කර සිටියා.

මෙහිදි තමන් වරදක් කර ඇති බවත් ඉල්ලා අස්වෙන ලෙසට අග්‍රාමාත්‍යවරයා හෝ කතානායකවරයා පවසා සිටින්නේ නම් ඉල්ලා අස්වීමට සූදානම් බවත් ඔහු සඳහන් කළා. එසේම කිසියම් ක්‍රමවේදයකට අනුව ඉල්ලීමක්‌ ආවොත් අදාළ මිලියන 03 යළි ලබාදීමට සුදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම නඩුවේ ‘බී’ වාර්තාවේ වරදක්‌ කර ඇති බවට සඳහනක්‌ නැතැයි ද තමාගේ නම පමණක්‌ මීට යොදාගත්තේ ඇයි දැයි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් කෝදාගොඩ මහතාගෙන් විමසූ විට ජනපතිවරයා කී බව ඔහු තමාට පැවසූ බවද පසුව ජනපති හමුවී ඒ පිළිබඳ විමසූ විට තමා එවැන්නක්‌ නොකී බව තමාට කී බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළා.

මේ චෝදනාව දැනගත් පසුව තමාට හිතාගන්න බැරිව මිනිත්තු කිහිපයක්‌ නිසොල්මන් වූ බවත් ක්‌ලාන්ත ගතියක්‌ ඇති වූ බවත් අමාත්‍යවරයා මෙහිදි පවසා සිටියා.