ජාතිවාදය නැති කරන්න සැකය මුලින්ම උපුටා දාන්න ඕන……!

0

රටේ  දැනට පවතින තත්ත්වය අනුව ජාතිවාදි ගැටුමක් අනාගතයේදි ඇති නොවිය හැකියැයි පැවසීමට නොහැකි බවත් ජාතිවාදය ඇති නොවීමට සියළු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බවත් ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලයේ එන් එම් අමීන් පවසනවා.

සමාජවාදී තරුණ සංගමය ඇතුළු සංවිධාන රැසක් එක්ව මරදාන CSR හිදි පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අපි මේ මොහොතේ සම්බන්ධ වී සිටින්නේ ඉතාම වැදගත් කටයුත්තකටයි. මේ වෙනකොට දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදී ගැටුම් නිසා අපේ මව් රට විශාල පසුබෑමකට ලක් වී තිඛෙනවා. මේ තත්ත්වය තව දුරටත් අපි පවත්වාගෙන යනවද කියන ප්‍රශ්නය අද සෑම දෙනාම සාකච්ඡා කරනවා. ඒ නිසා තමයි නැවතත් යමක් ඇති වෙන්න කලින් අපි කරන්න ඕනෙ මොනවද කියන එක සාකච්ඡා කරන්නත් ඒ වෙනුුවෙන් කටයුතු කරන්නත් එකඟ වුණු මේ සංවිධාන එකට එකතු වෙලා මේ අදහස් ප්‍රකාශ කරන්නෙ. විවිධ සංවිධාන එකට එකතු වෙලා ඉදිරි මාස දෙක තුළ විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන්න අපි සියලූ දෙනාම බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහන් කොළඹ ඉඳල නෙමෙයි, ජනතාව අතරටම ගිහින් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“දැනට තිබෙන තත්ත්වය අනුව ඉදිරියේදී ජාතිවාදී ගැටුමක් ඇති නොවෙයි කියල කියන්න බැහැ. ආසන්නම සිදුවීම වුණු මහනුවර සිදුවීමෙදි රුපියල් කෝටි අටසිය අනූවක දේපොල විනාශ වුණා. සිංහල තරුණයෙකුත් මුස්ලිම් තරුණයෙකුත් අපිට අහිමි වුණා. ඉදිරියේදී මෙවැනි දේ සිදු නොවෙන විදිහට අපි කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් අනාගත පරපුර දැනුවත් කිරීම ඉතාම වැදගත් දෙයක්. විවිධ සිදුවීම් නිසා අද එකිනෙකා අතර සැක මතු වෙමින් තිඛෙනවා. ඒවා මුලිනුපුටා දමන්න අපි කටයුතු කරන්න ඕනෙ. මුස්ලිම් ප්‍රජාව විදිහට මේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න අපි වගේම තවත් මුස්ලිම් සංවිධාන ගණනාවක්ම මේ වෙනකොට එකඟතාවය පල කරල තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here