එදා පිට කහගත්ත එජාප – ශ්‍රිලංකා අද එකිනෙකාට බැණගන්නවා….එළ හරකයි, මීහරකයි එකට ඈදලා බෑ…

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට හවුලේ ආණ්ඩු කිරීමට නොහැකි බවට තමා එදා වන විට පැවසු අනාවැකිය අද සත්‍යයක් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (09)  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිවංගත එස්.ඩී. බණ්ඩාරනායකගේ සියවන ජන්ම දින සැමරුමට කිරිල්ලවලදී එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.

“අද බලන්න පත්තරය ගත්තත්, රූපවාහිනිය ගත්තාත්, ගුවන් විදුලිය ගත්තාත් මෙයා එයාට බනිනවා, එයා මෙයාට බනිනවා. ඉස්සර පිට කැහුවා දැන් එක්කෙනා එක්කෙනා බැන ගන්නවා. මේක තමයි දේශපාලනයක් කියන්නේ. අපිට හොරා හොරා කිව්වා. දැන් ඒ කට්ටිය ඒ අයටම හොරා හොරා කියා ගන්නවා. දැන් 118 දෙනෙක් හොරු ඉන්නවාලු. අපි වෙන් උණේ එක්සත් ජාතික පක්ෂය එක්ක බැදුණු නිසා.  මේක මම එදත් කිව්වා මේක හරියට මීහරකෙකුයි එළහරකෙකුයි එකට බැඳලා හාන්න ගෙනියනවා වගේ වැඩක් කියලා. අද ඒක ඔප්පු වෙලා.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

Mahinda Rajapaksa