අනුන්ගේ පව් ගෙවන්න වෙලා තියෙන්නේ අපිට……කරුමේ…..කරුමේ….!

0

පසුගිය රජය විසින් ලබා ගත් ණය ප්‍රමාණය ගෙවීමට සිදු වී ඇත්තේ වර්තමාන රජයට බවත් එම නිසා වත්මන් රජය අනුන්ගේ පව් ගෙවමින් සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ(09) ගලේවෙල නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව එළවළු පළතුරු මෙට්‍රික් ටොන් 1000ක් ශීත කළ හැකි ශීත මධ්‍යස්ථාන තියනවා. අලුත් ගබඩා සංකීර්ණයික් ආරම්භ කරනවා. ඒ සඳහා ඉන්දියානු රජයෙන් මුදලක් පරිත්‍යාග කරනවා. ලංකාවේ මෙහෙම ගබඩා සංකීර්ණ පාලනය කිරීමේ හා කළමනාකරණය කිරීමේ පලපුරුද්දක් නැති නිසා ඉන්දියන් සමාගමක් ඒකේ කළමනාකරණය බාර ගන්න යනවා. ඒ නිසා දැන් අපිට තියෙන්නේ බෝග වලට නිසි මිලක් ලැබෙන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්තුමා, අධ්‍යාපන අමාත්‍යාංශයේ, මහ බැංකුවේ නිලධාරින්, එකතු වෙලා වාර්තාවක් දෙනවා සමෘද්ධි බැංකුව මීට වඩා ශක්තිමත් කරන්න. සමහරු කැමති නෑ. අන්න ඒකත් කෙරිගෙන යනවා.”

“අපිට විශාල ආර්ථික අර්බුදයක් තියනවා. අපිට සමහර විට බදු වැඩි කරන්න වෙයි. අපිට බනිනවා. ඇයි අපි බදු වැඩි කරන්නේ මේ ණය ගත්ත දෙවියන්ට ණය ආපහු දෙන්න. වෙන මොනවා කරන්න ද? අනිත් අයගේ පව් ගෙවනවා අපි. ඕක තමයි ජීවිතේ. කරුමේ කියන්නේ ඕක තමයි. ඊට පස්සේ කතා කරලා කියනවා කොහොමද ආණ්ඩු ගෙනියන්නේ කියලා. ඒ නිසා තමයි ඕකට කියන්නේ විපත් මග කියලා. යන්නේ විපතට.” අග්‍රාමාත්‍යවරයා පවසා සිටියා.

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here