රනිල්ගේ කාලේ ඉවරයි……..රනිල් හිටියොත් එජාපෙ කඩා වැටෙන එක නවත්වන්න බෑ!

0

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් විශ්‍රාම ගැනීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක සඳහන් කරනවා.

මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සිද්ධාර්ථ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

“සුදුසු නායකයෙක් විතරක් නෙමෙයි, කෙලින් වැඩ කරන, ස්ථීර ප්‍රතිපත්තියක් තියන නායකයෙක් ඕනෑ. රට දැන් අතරමං වෙලා නේ ඉන්නේ. රට ගෙනියන්න පුළුවන් නායකයෙක් ඕනෑ. මම දන්නේ නෑ පුද්ගලයා කවුද කියලා. අපි බලමු කවුද කියලා. ඉතින් මම එවැනි පුද්ගලයෙක් වෙනුවෙන් මගේ කැපවීම කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිළි ලෙසම මම ජනාධිපතිවරණයේදි යම්කිසි ස්ථාවරත්වයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කරලියට ඇවිල්ලා තියානවා ?

“ගෝඨාභය රාජපක්ෂ මහතා විතරක් නෙමෙයි තවත් බොහෝ නම් කියවෙනවා. තවත් නම් එකතු වෙන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකුගේ තරගයක් බවට මේක පත් වෙනවා. ඒ පුද්ගලයන් දෙදෙනාගෙන් මෙදා සැරේ නම් ජනතාව බලන්නේ කෙලින් වැඩ කරන නායකයෙක්.”

2020 ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වුනොත් එක්සත් ජාතික පක්ෂයට මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද?

“ඒකම හේතුවක් වෙයි ඒක පරජය වෙන්න, ජනතාවට ඕනෑ වෙන්නේ වෙනසක්. අලුත් එක්සත් ජාතික පක්ෂය විදියට යන්නේ නැත්නම්, අලුත් වැඩපිළිවෙළක් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ බිද වැටුණු එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න වෙන්නේ නෑ”

ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාම යායුතුයි කියලද?

“මම කියන්නේ මේකේ වෙනසක් විය යුතුයි කියලා. හිතන්න ඕන එතුමාත් මේ ගැන. එතුමා හිතන්න ඕන මගේ කාලය ඉවරයි කියලා. එහෙම හිතන්නේ නැතුව වැඩ කළොත් එක්සත් ජාතික පක්ෂය අවුරුදු ගණනාවක් පස්සට යනවා”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here