අපි මුකුත් කරන්න ඕන වෙන්නේ නෑ….දෙන්නා කුලල් කා ගන්න එක අත්පුඩි ගහ ගහ බලන් හිටියම ඇති…..!

0

ආණ්ඩුවේ සැබෑ තත්ත්වය ජනතාව මනාව තේරුම් ගෙන ඇති බවත් ආණ්ඩුව ගෙදර යැවීමට අනවශ්‍ය ලෙස මහන්සි වීමට අවශ්‍ය නොවන බවත් හිට්පු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඊයේ (10) කොට්ටාඅ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“තරුණයන් මේ දැනුම දෙනවා වගේම ඒ වෘත්තිය පුහුණුව දෙනවා නම් ඒ හැකියාවට රැකියාවක් ලබා දෙන එක එතරම් කාර්යයක් නෙමෙයි. ඒනිසා තමයි ඉ එදා වෘත්තිය පුහුණු අධිකාරිය හැදුවේ. ඔබවහන්සේ කියනවා වගේ ඇගිලි පහක් එක වගේ නෑ හැබැයි එකට එකතු වුණාම වැඩ කරන්න පුළුවන් කියලා. මේ රටේ නම් ඇගිලි 2ක් එක්කහු වෙලත් බෑ කරන්න. ප්‍රධාන කුළුණු දෙක එක්කාහු වුනත් මම හිතන්නේ කලබල වැඩිවුණා මිසක් බලාපොරොත්තු වුණ දේ නම් සිදු වුණේ නෑ. දැන් මටනම් කිසි කරදරයක් නෑ. මම කාටවත් වෛර කරන්න ඕනැත් නෑ කාටවත් විරුද්ධව කතා කරන්න ඕනැත් නෑ. නායකයෝ දෙන්නා දෙන්නාට දෙන්නා බැන ගන්නකොට අපිට තියෙන්නේ අහගෙන ඉන්න විතරයි පැත්තකට වෙලා අත්පුඩි ගහ ගහ. මොකද ජනතාවට දැන් තේරෙනවා මොක්ද්ද මේ වෙන්නේ කියලා.” හිටපු ජනාධිපතිවරයා පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here