මහින්දගේ අපේක්ෂකයා අපේත් අපේක්ෂකයා….මෛත්‍රි වටේ ඉන්න අයත් 2020 මහින්ද ලඟට ගේනවා…..

0

2020 ට මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ජනපති අපේක්ෂකයා තම පක්ෂයේ ද අපේක්ෂකයා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසනවා.

ඊයේ (11) බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදි ඒ පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“2020 ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ මේ කතා බහ එන්නේම යූ එන් පි යට  එරෙහිව නැගෙන මේ බලවේග කඩන්න. අපි කවුරුත් දන්නවා නේ 202 ජනාධිපති අපේක්ෂකයා යූ එන් පීය විරුද්ධව ඉදිරිපත් කිරීමේ 90% කාර්යයභාරයක් තියෙන්නේ මහින්ද මහත්තයා ලඟ. අපි මහින්ද මහත්තයා හමු වුණ වෙලාවෙත් ඔහු කිව්වේ පොඩ්ඩක් ඉන්න අපි නම් කරනකම් කියලා. අපි ඉන්නෙත් මහින්ද මහත්තයා නම් කරනකම්. මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපෙත් අපේක්ෂකයා වන්නේ. අපි හිතාගෙන ඉන්නවා මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා වටා මෛත්‍රි ජනාධිපතිතුමා වටේ ඉන්න බලවේගත් එකතු කරන්න. හැබැයි 2020 ජනාධිපතිවරණය වෙනක්ම් ඉන්න ඕනෙද? නෑ අපි 16 දෙනා කල්පනා කරන්නේ මෛත්‍රිපාල ජනාධිපති විදියට ඉන්න ගමන්, මහින්ද අගමැති කරන්න. එතකොට ඔය එක එක සාත්තරකාරයන්ගේ කතා අහලා හීන වල ඉන්න හාල්පාරුවන්ටත් දැනෙයි ඇත්තටම අගමැති වෙන්න ඕන කවුද කියලා. ඒකට මහින්ද රාජපක්ෂ අගමැති කරන්න. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේම ජනාධිපතිවරයා කැමතිකරවා ගැනීම තමයි 16 කණ්ඩායමේ පරමාර්ථය.”

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here