ලෝක දේශපාලනය හා සාමය වෙනස් කරමින් ‘ට්‍රම්ප් සහ කිම්’ සියවසේ හමුව සාර්ථකයි!

0

ලෝකයම මහත් අවධානය ලක් කොට තිබු සියවසේ හමුව හෙවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුව අද (12) උදෑසන සිංගප්පූරුව වේලාවෙන් උදෑසන 9ට සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේ දි සිදු විය.

මුලින්ම නායකයන් දෙපළ එකිනෙකා හමුවෙමින් සුබ පැතුම් එක් කරගනිමින් ඡායාරූප අවස්ථාවකට පෙනි සිට අනතුරුව  මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට මිනිත්තු කිහිපයක් පිළිතුරු දීමෙන් පසුව පෞද්ගලික සාකච්ඡාවකට යොමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනතුරුව ඔවුන් දෙදෙනා දෙරටේ නියෝජිතයෝ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ ඇති අතර නායකයන් දෙදෙනාගේ පෞද්ගලික හමුව පැයකට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වෙනවා.

“මෙය ඉතාම සුවිශේෂීයි. සුවිශේෂීය. උතුරු කොරියානු නායකයා හමු වීම ගෞරවයක්” අමෙරිකානු ජනාධිපතවරයා මෙහිදි පවසා ඇති අතර “අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පවත්වනවා. එය අති විශාල සාර්ථකත්වයක් ලබනු ඇතැයි මම හිතනවා. එය සුවිශේෂී සාර්ථකත්වයක් ලබනවා. ඒ වගේම එය ගෞරවයක්. එමෙන්ම අපි සුවිශේෂී සබඳතාවක් ඇති කරගන්නවා. ඒ ගැන සැකයක් නැහැ” යනුවෙන්ද පවසා තිබේ.

එසේම “මෙහි පැමිණීම පහසු වුණේ නැහැ. අපට බොහෝ දුෂ්කරතාවලට මුහුණ දෙන්න වුණා. පැරැණි පූර්ව විනිශ්චය කිරීම් පැරැණි පුරුදු ක්‍රියාමාර්ග අපට මෙහි පැමිණීම බාධාවක් වුණා. එහෙත් අපි සියලු බාධක මැඩගෙන මෙහි ආවා” මෙහිදි උතුරු කොරියානු නායකයා ට්‍රම්ප්ට පවසා තිබෙනවා.

ට්‍රම්ප් සහ කිම් යන නායකයන් එකිනෙකා මුහුණට මුහුණ මුණ ගැසුණු පළමු අවස්ථාව මෙය වන අතර ධුරය හොබවන අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපතිවරයකු උතුරු කොරියානු නායකයකු හමු වූ පළමු අවස්ථාව මෙය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here