ශ්‍රිලංනීපයෙන් ගැලවුණු ඇමතිකම් එජාපයට….නව රාජ්‍ය ඇමතිවරු හා නියෝජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙයි….!

0

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දි තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය
02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
02- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය
03- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික
කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
04- එඩ්වඩ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
05- නලින් බණ්ඩාර ජයමහ මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ
නියෝජ්‍ය අමාත්‍ය