ජනතාවගේ කනේ පාර අදුන ගන්න එක කාගේ කාගෙත් ඇඟට ගුණයි….!

0

පසුගිය මැතිවරණයේදී ජනතාව ලබාදුන්නා කනේ පහර තේරුම් ගෙන කටයුතු කිරීම කාගේත් දේශපාලන සෞඛ්‍යයට හොඳ බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා.

ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

හොඳ ගස්වල පිළිල ඇතිවූ විට ඒවා ඉවත් කර ගස ආරක්‍ෂා කරගන්නා මෙන් රටේ දේශපාලනයේ පවතින පිළිල ඉවත් කර දේශපාලනයේ ගරුත්වය ආරක්‍ෂා කරගැනීමට දැන් කාලය එළඹ ඇති බවයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේ.

ඉදිරි ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය වන විට යුක්තිය ඉටුවන, විද්‍යාත්මක ආණ්ඩු ක‍්‍රමයකට අවශ්‍ය පෙළඹවීම රට තුළ ඇති කළ යුතු බව කී අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ජනතාව පෙළගස්වන වැඩපිළිවෙලක් ඉදිරියේදී ආරම්භ කරන බවත් සඳහන් කළා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here