උපන් උපන් රාජපක්ෂලා දක්ෂයෝ වෙලා…..2020 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ස්ථීරයි….!

0

2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ නම් 4 ක් යෝජනා වී ඇති බවත් ගෝඨාභය, චමල්, බැසිල් යන රාජපක්ෂවරුන් හා දිනේෂ් ගුණවර්ධන ඒ අතර වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

ඊයේ (12) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අගමැතිතුමා විශේෂ ප්‍රකාශයක් කළා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමාට කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණාම ඇමතිකමක් ඔයාට නම් ලැබෙන එකක් නෑ කියලා. අපි තාම ජනාධිපති අපේක්ෂකයා තෝරලා ඉවර නැති වුණාට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති බවට නියත විවරණ දෙන්නේ අපේ පරම සතුරු පිලේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමයි. ඒක අපිට හොඳටම ඇති අපේ අපේක්ෂකයා දිනන බවට ඒක හැරෙනන් වෙන සහතිකයක් අපිට අවශ්‍ය නෑ.”

ඔබතුමාලගේ නම් අතර තව මොනවාද නම් තියෙන්නේ?

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වුණා. චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා වුණා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නම යෝජනා වුණා, දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වුණා.”

ඇයි රාජපක්ෂ කෙනෙක්ම තෝරගන්න හදන්නේ?

“මම හිතන්නේ දිනේෂ් රාජපක්ෂ නෙමෙයි දිනේෂ් ගුණවර්ධන. වැදගත්ම වෙන්නේ දක්ෂයෙක්ද නැද්ද කියන. උපන් උපන් රාජපක්ෂලා දක්ෂයෝ වෙලා. මම මොනවා කරන්නද?”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here