ගින්නෙන් උපන් ආණ්ඩුව ඒ ගින්නෙන්ම පිලිස්සි මිය යන්න ආසන්නයි!

0

සමාජ මාධ්‍ය ජාලා ඇතුළු වෙබ් අඩවි තහනම් කිරීමට ආණ්ඩුව මේ වන විට නීති උපදෙස් ලබා ගනිමින් සිටින බවත් එය ඉතා විශ්වාසයෙන් පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරනවා.

අද (13) පැවති මාධ්‍ය හමුවකදි ඒ  පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

“ඉතිහාසයේ පළවෙනි වතාවට කතරගම පූජා භූමියේ වෙඩි තියලා ඝාතනය කරන්න හදලා තියනවා. මේ වෙඩි තැබීම සිද්ධ වෙන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ විතරක් නෙමෙයි මේ රටේ නීතිය හා සාමය ඇමතිගේ අඩවියේදි. දැන් හැම දින 2කට වරක්ම පාතාලයේ නැගිටීමක් තියනවා. අපි චෝදනා කරන්නේ ආණ්ඩුවට. ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ සැළසුම් සහගතව පාතලය නැගිට්ටෙව්වා. ඒ ගැන මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන විට රටේ නමගිය පාතලකරුවෙකුගේ නම කියලා ඇහුවාම එජාපයේ සුප්‍රසිද්ධ දේශපාලකයෙක් කිව්වේ උපාලි අපේ දරුවෙක් කියලා. අපි සැක කරන්නේ ආණ්ඩුවත් ඒ පාරෙම යනවා කියලා. අපි දන්නවා මව් ගුණ නිසා ලේ කිරට හැරෙනවා කියලා. මේ ආණ්ඩුවේ දේශපාලකයින් අපිට පෙන්නනවා පියගුණ නිසා වොඩ්කා වතුර වලට හැරෙනවා කියලා. ආණ්ඩුව දිගින් දිගටම මාධ්‍යයත් එක්ක ගැටෙමින් ඉන්නවා. අපිට වගකීමෙන් තොරතුරු ලැබිලා තියනවා ආණ්ඩුව සමාජ මාධ්‍ය ජාලා තහන්ම් කරන්න නීති උපදෙස් ලබා ගනිමින් ඉන්නවා කියලා. ආණ්ඩුව අත තියන්න හදන්නේ. මේ ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් පස්සේ ආණ්ඩුව කිව්වේ මොකද්ද සමාජ මාධ්‍ය වෙබ් අඩවි නිසා අපිට මේ පරිවර්තනය කරන්න පුළුවන් උණා කියලා. ගින්නෙන් උපන් මේ ආණ්ඩුව ගින්නෙන් පිළිස්සි මිය යන්න හදන්නේ.” මන්ත්‍රිවරයා පවසා සිටියා.