හොරු අල්ලන විශේෂ මහාධිකරණ ජූලි 04 වෙනිදා වැඩ අරඹයි……!

0

පළාත් සභා මැතිවරණය 2018 දෙසැම්බර් මාසයේදි පැවැත්වීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වූ විශේෂ මහාධිකරණ ජූලි 4 වෙනිදා වන විට ආරම්භ කරන බවයි.

අමෙරිකානු තානාපති ආචාර්ය ප්‍රතාප් මහත්මයා කියලා තියනවා 2020 කවදාවත් ගෝඨාභයට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ එය වළක්වනවා කියලා?

“ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයාලාගේ පාර්ශවය එහෙම වුණේ නෑ කියලා ඒක ප්‍රතිකේෂ්ප කරලා තියනවා.”

මේ ජෙයරාජ් කියන්නේ ඇමතිතුමා?

“ජෙයරාජ් කියන්නේ සුභාෂිතයෑ. එයා මිසක් ඕක කියන්නේ අතුල් කේසප් නෙමෙයි නේ.”

එහෙම වුනොත් රජයේ ස්ථාවරය කුමක් වෙයිද?

“ඔහු අමෙරිකානු පුරවැසියෙක්. එයා අමෙරිකානු නීතියට තමයි යටත් වෙන්නේ.”

සුජීව සේනසිංහ හා ඇතැම් අය ප්‍රසිද්ධියේ කියනවා අපි ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියලා. ඔබතුමා ඒක දකින්නේ වැරැද්දක් විදියටද?

“මැතිවරණයකදි ඇතැම් අය ඇවිල්ලා අපිට සල්ලි දෙනවානේ. නමුත් ඔවුන්ගේ වැරදි ක්‍රියා කලාපයන් ආරක්ෂා කිරීම වැරදියි.”

ඔබතුමාත් මුදල් අරගෙන තියනවා ද?

“ඒගොල්ලන්ව පත් කරනවාට මුලින්ම විරුද්ධ වුණේ මම කැබිනට් මණ්ඩලයේදි. ඉතින් මට ගෙනල්ලා දෙයි යැයි සල්ලි ඔවුන්ට ඔලුවේ අමාරුවක් නැත්නම්.”

පළාත් සභා ඡන්දය ගැන පොඩි ඉගියක් දෙන්න පුළුවන්ද?

“ඔව් දෙසැම්බර්මාසයේ වෙනකොට පළාත් සභා තියෙයි.”