ආණ්ඩුව මිනිසුන්ට මල අප්පිරියයි…….වෙනස වෙනස් කරපු මරු යහපාලනේ……

0

රටේ අතිබහුතර ජනතාව ආණ්ඩුව කෙරෙහි අතිශය කලකිරීමෙන් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා.

පසුගිය දා පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“මිනිස්සු 10 දෙනෙක් කතා කළොත් 9ම නෙමෙයි 10 ම අහන්නේ කවදාද මේක පෙරලන්නේ. ඒ  තරමට මිනිස්සුන්ට එපා වෙච්ච, මිනිස්සුන්ට අප්පිරිය වෙච්ච ආණ්ඩුවක් තිබුණා නම් ඒ මේ යහපාලන ආණ්ඩුව බවට පරිවර්තනය වෙලා. මේ ආණ්ඩුව හැමදාම වෙනස නේ නම ඒ නිසා වෙනස වෙනස් කරපු ආණ්ඩුවක් මේක. මේක කහ ඉර සුදු කළා. බැංකුව සුද්ද කළා, සිංහල අවුරුද්ද වෙසක් කළා. මැයි පළවෙනිදා 7 වෙනිදා කළා. වොඩ්කා වතුර කළා. නරක නෑනේ ඉතින් වෙනස නමට ගැලපෙනවා බඩු.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Rohitha Abeygunawardena