‘රතුපස්වල, හලාවත, කටුනායක අපේ වැරදි’ – මැතිවරණය ලං වෙද්දි බැසිල් සියළු පව් වමාරයි!

1

රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් පසුගිය රජයේ සමයේ සිදුවු සීමාව ඉක්මවා යාම් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (16) ගාල්ලේදි පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ පසුගිය ආණ්ඩු කාලයේදී සිදු වූ අඩුපාඩු ඉදිරියේදි පත්වන ආණ්ඩුවක් යටතේ සිදු නොවිය යුතු බවයි.

“අපි දන්නවා අපේ ආණ්ඩුව කාලයේ බරපතළ අඩුපාඩු වුණා කියලා. මානුෂික අයිතිවාසිකම් වගේම පුද්ගල අයිතිවාසිකම් පිළිගන්නා ලෝකයක් තියෙන්නේ. අපිට බෑ ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව කියලා පුද්ගලයාගේ ආරක්ෂාව නැති කරන්න. අද දැන ගැනීමේ අයිතිය, මාධ්‍ය නිදහස වගේම පුද්ගල නිදහසෙන් බැහැර වෙන්න බෑ. සමහර වෙලාවට අපේ ආණ්ඩුව කාලයේ තිබිච්ච අඩුපාඩු ඒ කාලයට අනුව, අපි ත්‍රස්තවාදය එක්ක සටන් කළේ. සමහර වෙලාවට අඩුපාඩු වෙන්න ඇති. සමහර වෙලාවට අපි අපේ සීමාව ඉක්මවා ගියා වෙන්න පුළුවන්. මට මතකයි ගම්පහ රතු පස්වල වෙච්ච දේ, ඒ වගේම කටුණායක වෙච්ච දේ, ඒවගේම හලාවත සිද්ධියේදි මීගමුවේ ධීවරයෙක් තමයි නැති වුණේ. මේවා අපිට ඊලඟ ආණ්ඩුව වලදි සිද්ධ වෙන්න බෑ. ඒවා අපි පැහැදිළිව තීන්දු කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා සමහර කාල වලදි මැතිවරණ වේදිකා ගිනි තියනවා. දැන් බැලුවම මට හිතෙන්නේ මේවා හිතලා කෙරුවා කියලා. සමහර අය හිටියා අපේ ගස් බදින අය ඒ වගේ ඒවා නම් ආයේ වෙන්න දෙන්න බෑ,” ඔහු මෙහිදි පවසා සිටියා.

Basil Rajapaksa



1 COMMENT

  1. Owata apita kiyanna wachana ne Balaye innakota dangalapu dengalilla ayi kawadawath enna epa chanda ilanna Rajapakse paulama janathawa prathikshepa karala iwarayi

Comments are closed.