ජාතික ආරක්ෂාව ගැන ආණ්ඩුවට වගේ වගක් නෑ…..!

0

වර්තමාන ආණ්ඩුව හැසිරෙන් ආකාරයෙන් ජාතික ආරක්ෂාව බරපතළ ලෙස කඩා වැටෙමින් තිබෙන බව පැහැදිළි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කරනවා.

ඊයේ (16) මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“යුද්ධය තිබුණු කාලේ සෑම අඟහරුවාදා දිනයකදීම මේ රටේ බුද්ධි අංශ සියල්ලක්ම එක් තැනකට රැස්වී තමන් සොයාගත් තොරතුරු සාකච්ඡා කළා. තමන් සොයා ගත් තොරතුරු බෙදා ගත්තා. ඒ අනුව නිගමනවලට එළැඹුණා. එහෙම තමයි බුද්ධි අංශ සේරම ඒකාබද්ධව වැඩ කළේ. නමුත් දැන් රහස් පොලිසිය ඒ අනෙකුත් ආයතනවල බුද්ධි අංශ නිලධාරීන් කැඳවල ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. මේ යුද්ධ කාලේ අඟහරුවාදාට එකතු වෙලා සාකච්ඡා කළේ මොනවාද, තීරණ ගත්තේ මොනවාද කියලා ප්‍රශ්න කරනවා. ඒවා ජාතික ආරක්‍ෂාවට අදාළ සංවේදී කරුණු. ඉතිං මේකෙන්ම පේනවා මේ රටේ ආරක්‍ෂාව ගැන අද ආණ්ඩුවට තියෙන මතය ජාතික ආරක්‍ෂාව පිළිබඳව ආණ්ඩුවට තියෙන ස්ථාවරය ඉතා බරපතළ ලෙස කඩා වැටිලා කියලා.”

“මහා සංඝරත්නය මහ දවල් වෙඩි තියලා මරා දාන්න උත්සාහ කරනවා. පාතාලය නැවැත නැඟිටලා තියෙනවා. ජාතියක් හැටියට අභිමානවත් යමක් කියන්න දෙයක් අපට ඉතිරි කරලා නැහැ.අගමැතිගෙයි ජනාධිපතිගෙයි සන්දර්ශන බල බලා ඉන්න තමයි අද ජනතාවට වෙලා තියෙන්නේ.බඩේ බිත්තර තම්බ තම්බ අගමැතිගෙයි ජනාධිපතිගෙයි සන්දර්ශන බලන් ඉන්න තමයි අද ජනතාවට වෙලා තියෙන්නේ. අපි පළමු අවස්ථාවේම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා මේ රටේ අගමැති බවට පත් කරලා මේ රට අරාජික හා අස්ථාවර බවට පත් කරන මේ ගමන වෙනස් කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා.”

Wimal Weerawansa