අපි මෛත්‍රීගේ බිල්ලෝ නෙමෙයි……..!

0

ඉදිරි මැතිවරණයන් වලදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම තරග කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ බව එම කණ්ඩායම පවසනවා.

අද (16) මාතලේ පැවති හෘද සාක්ෂියේ නිදහස සම්මන්ත්‍රණය අමතමින් එම කණ්ඩායම මේ බව පවසා සිටියා.

එහිදි අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා,

“කවුරු හරී ආණ්ඩුවෙන් එළියට එනකොට එයාලව ඉතා සාදරයෙන් පිළිගන්න ඕන විපක්ෂයෙන්. දැන් ඒ අයට අපිව පෙන්නේ බිල්ලෝ වගේ. මෛත්‍රිගේ බිල්ලෝ. මතක තියා ගන්න අපිට තියෙන්නේ එක සටනයි. ඒක මොකා එක්ක හරි ඉටු කර ගන්න ඕන. එතකොට කියනවා ඒ අය මෙහේ කට්ටිය. නැත්නම් කටු සූප්පු කරන්න ඇතුලේ තියන කටු සූප්පු කරන්න ගිය කට්ටිය. එදා ඇතුලේ කටු සූප්පු කරන්න ගිය අය තමයි එදා මහින්ද මහත්තයාව පැරැද්දුවේ. එදා මහින්ද රාජපක්ෂ පැරදිච්ච වෙලාවේ තමන්ගේ සහෝදරයා දාලා පැනලා ගිය බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි අද මේ කතා අපිට කියන්නේ. මම කියන්නේ යුඑන්පියේ වැඩේ කරනවා නම් කරුණාකරලා ඒ වැඩේ කරගන්න. එහෙම නැතුව කවුරු හරි හිතනවා නම් එකතු කරගන්නේ නැතුව හදන්න පුළුවන් කියලා මහන්තත්තකමට එහෙමනම් ඒ යූඑන්පීය දිනවන වැඩපිළිවෙළකට නායකත්වය දෙන්න තමයි ඒ හදන්නේ. අපි වෙලාව ආවම කියන්නම් අපේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා.” මන්ත්‍රිවරයා පවසනවා.

Dayasiri Jayasekara