රජය එකක් කියනවා… වෙන එකක් කරනවා… සම්බන්ධන් විස්වාස කලාට වැඩක් නෑ

0

ද්‍රවිඩයින් සදහා දේශපාලන විසදුමක් ලැබෙයි කියා පසුගිය 2016 වසරේ සිට බලාගෙන සිටින බවත් නමුත් 2018 වසර අවසන් වීමට පෙර විසදුමක් ලබා ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායකයා විශ්වාස කලද කිසිවක් ‍මේ දක්වා සිදුවී නැති බව උතුරු පලාත් මහ ඇමැති සි.වි. විග්නේස්වරන් පවසයි.

යාපනයේ සංචාරයක නියැලුන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති ජේම්ස් ඩෞරිස්ට(James Dauris) පෙරේදා (18) රාත්‍රියේ උතුරු පලාත් මහ ඇමැති සි.වි. විග්නේස්වරන් හමුවු අවස්ථාවේ මහ ඇමැතිවරයා පෙන්වා දි ඇත්තෙ ද්‍රවිධ ජාතික සන්ධානයේ නායකයා විශ්වාස කලාට කිසිවක් සිදු වුයේ නැති බවයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වු බ්‍රිතාන්‍ය තානාපතිවරයා රජයට විරුද්ධව කිසිවක් නොකිය යුතු බවත්,එකතු වී කටයුතු කල යුතු බවත් එසේ නොමැති වුවහොත්. ව්‍යාකුලත්වයන් ඇති විය හැකි බවද සදහන් කර තිබේ.

කෙසේවෙතත් අදහස් දක්වමින් මහ ඇමැති සි.වි. විග්නේස්වරන් සදහන් කර ඇත්තේ “නමුත් රජය එකක් කියනවා. වෙනත් එකක් කරනවා. එම නිසා සිදුවෙන සත්‍යයන් පෙන්වා දීමේ අවශ්‍යතාවය අපිට තිබෙනවා.” යනුවෙන් පවසා තිබේ.