දකුණේ පොහොට්ටු MAGA ට නැමෙයි, රිලාගල වැනසීමට අවසර

0

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර No: FR 8634 ගැසටි පත‍්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නමි කර ඇත.  මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත්  රිලාගලයාය කඳු පන්තිය  මෙි වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා සියල්ල සකස් කර හමාරය. ඒ දකුණු අධිවෙීගී මාර්ගයට ගල් ලබා ගැනීම වෙනුවෙන් මගා අයතනය පවත්වාගන යන ගල් වලක් සදහාය.මෙම ව්‍යාපෘතිය ජනතා වීරෝධය මත කාලයක් නවතා දමා තිබුණද දකුණු පළාත් සභාවෙි සභාපති කේ. ඒ සෝමවංශ විසින් මෙම ව්‍යාපෘතිය කරගන යාමට අවශ්‍ය වැඩ කටයුතු සකස් කරමින් ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්දෙණිය ග‍්‍රාම නිලධාරී වසමේ මාතර දිස්ත‍්‍රික්කයට මායිම්ව පිහිටා ඇත1940 රක්ෂිත වනාන්තරයක් ලෙස නමි කර ඇති මහයාය වනානතරය හෙක්ටයාර 339 සමන්විත අතර No: HR 8634 ගැසටි පත‍්‍රය මගින් මහයාය රක්ෂිතයක් ලෙස නමි කර ඇත.

මහයාය රක්ෂිතයේ පෙරණ කලාපයට අයත් ි රිලාගලයාය කඳු පන්තිය  මෙි වන විට වනාන්තරය වනසා ගල් වලට කැඩීම සදහා සියල්ල සකස් කර හමාරය ගඒ දකුණු අධිවෙීගී මාර්ගයට ගල් ලබා ගැනීම වෙනුවෙන් මගා අයතනය පවත්වාගන යන ගල් වලක් සදහාය. මෙම ව්‍යාපෘතිය ජනතා වීරෝධය මත කාලයක් නවතා දමා තිබුණද දකුණු පළාත් සභාවෙි සභාපති කේ. ඒ සෝම වංශ විසින් මෙම ව්‍යාපෘතිය කරගන යාමට අවශ්‍ය වැඩ කටයුතු සකස් කරමින් ඇත.

දකුණු පළාත් සභාවෙි සභාපතිවරයා විසින් දැවැන්ත පරිසර හානියක් සිදුකරමින් ආරමිබ කර නවතා දැමු රිලාගල ගල් කොරිය නැවැත ආරමිබ කිරීම සදහා පළාත් සභාවෙි යොජන කර ගෙන ඇත. ඒ  ඔහු ට හිමි දේශපාලන බලය යොදාගනිමිනි. ඔහු විසින් අත්තනෝමතික ලෙස මෙම ව්‍යාපෘතිය ආරමිබ කිරීමට මෙි වන විට විවිධ ආයතන වලටද බලපෑමි කරමින් සිටි. 2011 සිට 2030 දක්වා වූ තිරසර නොවන සංවර්ධන විනාශ සැළසුම ජාතික භෞතික සැළැස්ම නමින් මව්බිමේ පූජනීය පරිසරය මත මේ වනවිටත් බිමේ අගය නොදන්නා නරුම පාලකයන් විසින් එළාදමා එහි අංගයක් ලෙස රිලාගල සහිත කදු පන්තිය ගල් වලට කැඩීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතිසංරක්ෂණය කළයුතු පරිසර කළාපයන් නූපන් හෙට දවසට සංරක්ෂනය කොට තැබිම අද දවසේ යුතුකම වුව ද ජාතික වටිනාකමකින් රැකිය යුතු බොහෝ පරිසර කළාපයන් සංවර්ධන විනාශය හමුවේ විනාශ වෙමින් පවතී.

ලංකාව පුරා දසතින් ඇසෙන හක්‍ෂ නම්  තම බිමේ රමණීය පරිසර පද්ධතින් රැකගැනිම විෂයෙහි ගොඩනැගෙන අරගලන්ය. පරිසර වටිනාකමකින් යුත් දිය ඇලි, ගංඟා, කඳු, මුහුදු පරිසර පද්ධතිය, කළපු පරිසර පද්ධතිය, තෙත් බිම්, වනාන්තර ආදී ඉතා පරිසර සංවේදී කළාපයන් වනසා දමමින් සංවර්ධනය නමින් පරිසර විනාශය අරඹා ඇත.

ශ‍්‍රී ලංකාව 2005 ජූලි 04 වන දින ඉන්දියාව චීනය ඇතුළු රටවල් 36ක් සමඟ ගිවිසගත් ආකාරයට ලංකාවේ අධිවේගී මාර්ග ජාලයක් සාදා නිමකොට ආසියාවේ අධිවේගී මාර්ග ජාලය හා එක් කිරීමට එකඟත්වයට පැමිණ ඇත. එම ගිවිසුම් ප‍්‍රකාරව සංවේදී පරිසර කළාපයන් පිළිබඳ කිසිදු අවධානයක් නොකොට විනාශකාරි ලෙස කඳු පහත් කරමින් තෙත් බිම් හා වාරි පද්ධතීන් විනාශ කරමින් වනාන්තර දෙපලූ කොට අධිවේගයෙන් මව්බිමේ පරිසරය විනාශ කොට අධිවේගී මාර්ගය ඉදිවෙමින් පවතී. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගයට අවශ්‍ය කරන ගල් ලබාගැනීමේ අරමුණ ඇතිව රිලාගලයාය කන්ද විනාශ කිරීමට මුල්ගල් ආණ්ඩුවෙි පිහිටෙන් සිදුකරගන යමින් ඇත.

හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තෙවන උසම ස්ථානය ලෙස හඳුනාගෙන ඇති මෙහි උස අඩි 784ත් පමණ වන අතර කෝන්ගස් ලන්ද, කොටිගල, මුරුංගගල, රිලාගල එකම කඳු පන්තියකට අයත්ය’ තෙත් වියළි මිශ‍්‍ර පරිසරයකට උරුමකම් කියන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අති වටිනාම පරිසර පද්ධතියකිගමෙම ප‍්‍රදේශය ජලපෝෂිත කළාපයක් වශයෙන් පරිසර විද්‍යාත්මකව ඉතා වටිනා ජෛව විවිධත්වයකට හිමිකම් කියන ජෛව විවිධත්ව කළාපයකි’ රිලාගල කඳු රක්‍ෂිතය ඉතා වැදගත් පරිසර කලාපයක් වන්නේ ජල විද්‍යාත්මක එහි ඇති සුවිශේෂී අගය වත්කම නිසාවෙනි. ශී‍්‍ර ලංකාවේ මධ්‍යම කදු පන්තිය ඇතුළු අවශේෂ කඳු පන්තීන් ජල ගබඩා ලෙස ක‍්‍රියාකරයි.

භූගත ජලය ස්ථාවර කිරීමත් මතුපිට ජල උල්පත් හරහා ඇල දොළ ගංගා නිර්මාණ්‍ය කිරීමත් මෙම ජල ගබඩා සතු සක්‍යතාවය ඉහළය. ,රිලාගල කඳු රක්‍ෂිතය ඉතා පැහැදිලි ජල පෝෂිත කළාපයකි’ ගඑය ජල ගබඩාවක් ලෙස ක‍්‍රියාකාරයි. ගොඩැල්ල ගොඩ උල්පත, මාදොල උල්පත, මගවත්ත උල්පත, ඇල්දෙණිය උල්පත, වැවකුඹුර උල්පත, ඉත්තගල්ආර, පුහුල්ගත් ආර, තැන්නහේන දොල ආදී දිය උල්පත් රැසකින් සමන්විත මෙය ප‍්‍රදේශය පුරා විහිදී ගිය බිබුල් 8ක් පොෂණය කරණු ලබයි.  රිලාගල කඳු රක්ෂිතය එක් පසකින් තුන්දොල පෝෂණය කරමින් පුංචි ආරණ්‍යය, මහා ආරණ්‍ය, තඹගල්ලෑල්ල ආරණ්‍ය පෝෂණය කර යටියන දක්වා ගොවිබිම් හා පානීය ජල අවශ්‍යතාවයන් සම්පුර්ණ කරමින් ගලා යන අතර මහයාය රක්ෂිතයේ ප‍්‍රදාන ජල පොෂිත ප‍්‍රදේශය ලෙස ක‍්‍රියාකරනු ලබයි ගමාදොල කඳුයායෙන් පෝෂණය වන වත්තේවැව ජලය ගලායන්නේ රිලාගල යායේ අනෙක් පසිනි. එම ජලයට වැව කුඹුර උල්පත හා රිලාගල යාය කඳු රක්‍ෂිතයේ උල්පත් ජලය එක්වී ගැටමාන්න, හීල්ල, අම්බල, ගොඩකුඹුර, උණන, දෙද්දුවාවල පානීය ජල අවශ්‍යතාවය මෙන්ම කුඹුරු ගොවිතැන සඳහා භාවිතයට ගනිමින් ගලා යයි. මේ අනුව ජල විද්‍යාත්මකව රිලාගල කඳු රක්‍ෂිතයේ ඇති අපමණ අගය මිල කල නොහැක.

තෙත් වියළි මිශ‍්‍ර ශාක ප‍්‍රජාවකට උරුමකම් කියන මෙහි දං, මා දං, එළ දං, රට ඇඹිල්ල, කොට්ටම්බා, හිඹටු, කැකුණ, වෙරලූ, මොර, පර, වල්රියන්, බැදිදෙල්, කොස්, ගොරකා, මුගුණ, ඇඹුල් පේර, හොර, නා, ලූණු මිදෙල්ල, හල්මිල්ල, වෙනිවැල්, කොතල හිඹටු ආදි වටිනා ශාක විවිධත්වයකින් යුක්තය’ ජලය ඇසුරු කොට ජීවත්වන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දියබල්ලා  ඇතුළු ක්ෂරපායින්ද දැක ගත හැකි අතර දේශීය මතස්‍ය විශේෂ රැසක් ද රිලාගල ආශ‍්‍රිතව දක්නට ලැබේ’  එ අනුව puntius nigrofasciatus (බුලත් හපයා) EN,puntius bimaculatus(ඉපිල කඩයා),Belontota  signata ( තල් කොස්සා) EN,rasbora vaterifloris (හල් තිත්තයා) EN,Rasbora wilpita (විල්පිට දණ්ඩියා)EN,Puntius dorsalis (කටුපෙතියා).Puntius titteya (ලේ තිත්තයා)EN,Channa orientalis (කොළ කනයා)EN වැනි මත්සය විශේෂ වාර්ථා වන අතර  ගාල්ල ජෛව විවධත්ව සංගමය මගින් මෙම ප‍්‍රදේශයේ සිදුකරන ලද පර්යේෂණ අනුව වෙනත් සත්ව හා ශාක ගණනවාක් හදුනා ගන ඇති අතර හªනා නොගත් ශාක හා සත්ව විශේෂ රැුසක් මෙම පරිසර පද්දතිය තුළ ඇතග මෙම පරිසර පද්දතියට අයත් ගැටමාන්න දකුණේ පිහිටි මහ බිබුල අසල පොල් දුවේ  හදුනා නෙගත් වැල් වීශේෂක් තිබූ බව ජනප‍්‍රවාදයේ සදහන් වෙි. මේ පිළිබඳව ජන කවි පවා ලියවී ඇත.

පරසිදු ගැට මාන්නේ වෙල මැදෙහි ඇති

පිරිසිදු ගොඩැල්ලක සැදි වැලක් ඇති

සුරමදු වැල කියා ඇතමුන් කියති

සුරනිදු මිසක අනෙකෙකු ඒ නො දනිති.

පරිසර විද්‍යාත්මකව රිලාගල සතු අගය දිස්ත‍්‍රික්කයට සේම මාතෘ භූමියට එක් කරන්නේ ප‍්‍රමාණය කළ නොහැකි අගයකි’ ප‍්‍රදේශයේ ජල ව්‍යාපෘති 4ක් පෝෂණය කරන්නේ ද ගොවිබිම් විශාල ප‍්‍රමානයක් අස්වැද්දීමට අවශ්‍ය ජලය ලබාදෙන්නේ ද රිලාගල කඳු රක්‍ෂිතයේ ජලයෙනි’ග ඉතා කෙටි මාර්ගයකින් රිලාගල කඳු රක්‍ෂිතයේ ජලය මුහුදට බැස යනතෙක් පාලකයන් ඇස් කන් පියා බලා සිටියදී දිස්ත‍්‍රීක්කයේ සංවර්ධනයට රිලාගල ජල පෝෂිත කළාපය භාවිතයට ගැනීමට අදහසක් ඔවුනට නොවුනි’ග කන්ද පුරා විහිදී ඇති ගල කැබලි කොට මිල කිරිම ඔවුන්ගේ න්‍යාය පත‍්‍රය වි ඇති අතර  මාගා ආයතනය එම කොන්ත‍්‍රාත්තුව ඉටුකරමින් සිටී.

මෙම ප‍්‍රදේශය වනාන්තර හෙළි පෙහෙලි කිරිම හා භූමි භාවිතයේ ඇති අවිධිමත් බව හේතු කොටගෙන නායයාමේ අවධානම් කලාපයක් ලෙස 2014-12-25 දින භූ විද්‍යා හා පතල් කාර්යාංශය නම්කොට  ඇත. එමෙන්ම2015 ඔක්තොම්බර් මස 20 වන දින ගොඩැල්ල කන්ද නායයෑමට ලක්විය. ගැටමාන්න ඇල්දෙණිය ගොඩැල්ල කන්ද නායයාම හේතු කොට මේ වනවිටත් පවුල් 3ක් ඉවත්කොට ඇත පුදුමයට කරුණ නම් මේ තතු සියල්ල දැන දැනම  රිලාගල කදු පන්තිය  පාමුල සියලූ ජනයා අනතුරේ හෙළා මාගා ආයතනය 2016 අපේ‍්‍රල් මාසය තුළ රිලාගලයාය කන්ද ගල් සඳහා කැබලි කිරීමට ආරම්භ කිරීමයි. ධනය බලය අභියස ග‍්‍රාම නිලධාරි වරයාගේ සිට සියලූ ආයතන හා ආයතන ප‍්‍රධානීන් මුණිවත රකිමින් මාගා ආයතනයට රැකවරණය සපයමින් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉතා වටිනා පරිසර කළාපයක් කැබලි කිරීමට ඉඩ ලබාදී ඇත.

තව ද ඉන් නොනැවතී රිලාගල වැනසිමේ අවජාතක ක‍්‍රියාවට සුජාත භාවයක් ලබාදීම සඳහා පරිසරය රකින්නට තිබෙන ආයතන මැදිහත් වෙමින් සිටී’ග ලංකාවෙි පරිසරය වැනසීමට බලපත‍්‍ර ලබාදෙන මධ්‍යම මෙම විනාශය හමුවෙිත් මුනිවත රකින අතර ඒ සදහා අවශ්‍ය බලපත‍්‍ර ලබාදීම සදහා මෙි වන විට කටයුතු කරමින් ඇතග ලංකාවෙි පරිසර නීතිය  හා වන ජීවී හා වෘක්ෂලතා ආඥාපනතේ  විධි විධාන කඩ කරමින් මාගා කොමිපැණියේ ලාබය තකා මෙම වන විට රිලාගල කදු පන්තිය අනතුරේ හෙලා ඇත.

කුසට අහරක්, පවසට ජලයත්, ලෙඩට දුකට බේත් හේත්, මනසට ප‍්‍රීතියක් එකතුකල රිලාගල කඳුයාය කැබලි කොට විකිණීමට විරුද්ධව විශාල ජන බලයක් බිමේ උපන් මිනිසුන් විසින් බලමුළු ගැන්විණ’ මන්ද රිලාගල යාය සදාදරණිය මවක් සේ ජනහදවත් වලට දැනුනු බැවිනි.  රිලාගල සුරුකිමේ පූජනීය අරමුණ ඇතිව පෙළ ගැසෙන ජන බලය බිඳ දැමීමට ප‍්‍රතිපත්තියක් නැති දේශපාලඥයන්ගේ මැදිහත්වීම අප රට පුරා අත්දකිමු. දකුණූ පළාත් සභාවේ ප‍්‍රබල දේශපාලඥයකු සහ පන්සලේ භික්ෂුව ද කැටුව සියලූ ජනතා අභිලාෂයන් පාවාදී මාගා ආයතනයේ සුජාත භාවය වෙනුවෙන් පෙනී සිටී. ගතව ද නොනැවතී ගොඩනැගෙන විරෝධය මැඩපැවැත්වීමට විවිධ විදියේ ප‍්‍රසාද පූජාවන් සිදුකරමින් සිටී. ප‍්‍රාදේශීය දේශපාලඥයා හා පන්සලේ භික්ෂූව ඇතුළු උගත් මහතුන් තවත් එක් මීරයබැද්දක් ලඅරණායක ප‍්‍රදේශයක් නිර්මාණය කිරීමට අත් උදව් දෙමින් සිටී. නාය ගිය ප‍්‍රදේශයේ සිට මීටර් 50ක් දුරකින් වරකට ටොන් 10කට තරම් විශාල ගල් ඇඹරිය හැකි ගල් කෂර් සවි කොට රිලාගල කන්ද පහත් කිරීමට අවශ්‍ය  සියල්ල සවිකොට ඇත. උල්පත් මරා කන්ද මරා දමනතුරු කෙලෙස බලා සිටිමුද? සැමගේ වගකීම නම් නූපන් හෙට දවස වෙනුවෙන් සුරක්ෂිත කොට තැබීමයි. ඒ සඳහා එක්ව අරගල කිරීම අද දවසේ අප සැමගේ වගකීමයි.

රවීන්ද්‍ර කාරියවසමි හා පුජ්‍ය වෑකදවල රාහුල හිමි