මංගල දාපු මල තොන්ඩුවෙන් රට ගලවා ගන්න වෙලාව හරි……!

0

අමෙරිකාව සමග එකටු මංගල සමරවීර ඇටවූ උගුලෙන් රට ගලවා ගැනීමට පාර්ලෙමේන්තුව සියළු රට පොදු බෙදීමට යායුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා.

ඊයේ (25) පැවති  මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ඇමතිවරුන්ට කුලල් කා ගැනීමක් හැරෙන්නට දෙයක් නොමැති බවයි.

“අලුත්ම කාරණය තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා තර්ජයනය කරලා, මම අස්වෙනවා, ඇමතිධූරයෙන් විතරක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකධූරයෙනුත් ඉල්ලා අස්වෙනවා කියල තියනවා. එතුමාට වෙන මොකක් හරි ඉලක්කයික් තියනවා ද කියලා අපි දන්නේ නෑ. හැබැයි ඒකට නිමිත්තක් වෙලා තියනවා එතුමාගේ නිවාස හැදීමෙ වැඩපිළිවෙළයි අමරවීර මැතිතුමාගේ කෘෂිකර්ම වැඩපිළිවෙළයි අතර ගැටුමක් ඇති වීම. මේ ඇමතිවරුන්ට එකිනෙකා සමඟ රණ්ඩු ඇල්ලීම ඇරෙන්න වෙන මාර්ගයක් මේ ආණ්ඩුවට නෑ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගියාම ඒ ඇබුල් කෙසෙල් ගෙඩි ගස්වල කුණු වෙනවා. මයිඤෝක්කා විකුණ ගන්න බැරිව කුණු කොල්ලයට යනවා. ගම්මිරිස් වලට වැඩි මිලක් ඇත්තෙම නෑ. දැන් මේක ඊයේ තත්ත්වය. දැන් මේකද ආණ්ඩුව ආර්ථිකය මෙහෙයවන ආකාරය. ගම්පෙරලිය. මේකනම් නියම ගම් පෙරලිය.”

“අමෙරිකා එක්සත් ජනපදය අයින් වුණා මානවහිමිකම් කවුන්සිලයෙන්. ඔය අමෙරිකාව තමයි අපේ රටට විරුද්ධව යුධ අපරාධ චෝදනා, මාන්වහිමිකම් චෝදනා ගෙනාවේ. මංගල සමරවීරයි අමෙරිකානු රාජ්‍ය නියෝජිතයියි එකතු වෙලා අපේ බෙල්ලට දාපු මේ මල පුඩුවෙන් අපි ගැලවෙන්න කාලය හරි. මේ රට, පාර්ලිමේන්තුව පොදු බෙදීමකට යායුතුයි. මංගල සමරවීර ගැලවූ උගුලෙන් අපේ රට ගලවා ගන්නවා ද නැද්ද? ”

Vasudeva Nanayakkara

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here