විපක්ෂනායකකම ගන්නවා….ආණ්ඩුව පෙරලනවා…ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් එන ඕනෑම කෙනෙක් පිළිගන්නවා!

0

ආණ්ඩුවේ සිට විපක්ෂයට පැමිණෙන අය පිළිගෙන ආණ්ඩුව පෙරලීමේ වැඩ පිළිවෙළ සාර්ථකව ඉදිරියට කරගෙන යාමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.

ඊයේ (26) 16යේ කණ්ඩායම සමග එවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

“අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේදී අපිත් සමග කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 16 කණ්‌ඩායම සමග සාකච්ඡාවක්‌ පැවැත්වූවා. මේ 16 දෙනාගේ කණ්‌ඩායම විපක්‍ෂයේ හිටගත් නිසාත්, ආණ්‌ඩුවට තුනෙන් දෙකක බලය අහිමි වීමේ බිය නිසාත් විශේෂ අධිකරණය පිහිටුවීම සංශෝධන සහිතව සිදු කරන්න ආණ්‌ඩුවට සිදු වුණා. ඒක තුනෙන් දෙකක බලයකින් සම්මත වුණා නම් ඉතා භයානක ආයතනයක්‌ වීම වළක්‌වන්න බැහැ. ඒ පිළිබඳව 16 දෙනා කණ්‌ඩායමට අපගේ ප්‍රසාදය පළ කර සිටියා.”

“ඒ වගේම 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය පරාජයට පත් කිරීම සඳහා කුමන ආකාරයට කටයුතු කළ යුතුද කියන මාතෘකාව සාකච්ඡා කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායක ධූරයට ලබා දීම සඳහා පාර්ලිමේන්තුව තුළ කුමන පියවර ගත යුතුද කියන සාකච්ඡාවත් අද කළා.”

“විපක්‍ෂනායක පමණක්‌ නොව එතැනින් එහාට ගිය පාර්ලිමේන්තුව තුළ මේ පාලනය පෙරළාදැමීමටත් සාකච්ඡා කළා. ඉදිරියටත් මේ දේශපාලන සාකච්ඡාව පවත්වාගෙන යන්නත් තීරණය කළා. ආණ්‌ඩු පක්‍ෂයේ සිට විපක්‍ෂයට එන ඕනෑම කෙනෙක්‌ සාදරයෙන් පිළිගන්නත්, ආණ්‌ඩුවේ බලය බිඳ වට්‌ටවන්න ගත හැකි උපරිම පියවර අපි ගන්නත් අපි සූදානම්” මන්ත්‍රිවරයා සඳහන් කළා.