අපි ඉන්න ඕන හැටි බටහිර අපිට කියා දෙන්න ඕන නෑ….ණය ගනිද්දි මීට වඩා පරිස්සම් වෙන්න ඕනෑ!

0

රටේ ප්‍රතිපත්ති විදේශ රටවලට පවා දීම සිදු කළ යුතු නැති බව කොළඹ අදරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඊයේ (26) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මණ් පියදාස උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය අමතමින් කාදිනල්වරයා මේ බව සඳහන් කර සිටියා.

“අද ලෝකයේ තියන ආර්ථික ක්‍රමවේදය ලෝක බැංකුව, මුල්‍ය අරමුදල වැනි ආයතනන් වලින් අපිට ආර්ථික උදව් උපකාර කරද්දි සංස්කෘතිය යෝජනා ඉදිරිපත් කරනවා අපේ සංස්කෘතියට හානියක් විය හැකි. දැන් ඔය අමෙරිකාව වැනි රටක් ගත්තොත් ඉතිහාසය අවුරුදු දෙසිය ගණනක්. ලංකාව එහෙම නෙමෙයි. ලංකාව අවුරුදු දෙදාහස් හයසීය ගණනක් ඊටත් වඩා බුදු දහම මේ රටේ තිබුණ රටක්. අපි සංවරශිලි සංස්කෘතියක් තියන ජාතියක්. ඒ නිසා එයාලා ඇවිල්ලා අපි මොනවාද කරන්න ඕන කියලා ඒක කරන්න අපිව තල්ලු කරන එක එතරම් සුදුසු නෑ.” කාදිනල්වරයා මෙහිදි පවසා සිටියා.