මහින්ද සල්ලි දීලා ගත්ත මාධ්‍ය වෙනම මලසොහොනක් මවනවා….ආණ්ඩුව කඩා වැටෙන හේතුව තමයි ඒ….

0

ජනාධිපති පුටුව හරහා ම්තෙක් රටට කිසිදු නායකත්වයක් ලැබී නොමැති බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

2020 දි ඊලඟට රට බාර ගත යුත්තේ මොනවගේ පුද්ගලයෙක්ද?

“මෙතෙක් මම හිතන්නේ නෑ හරි නායකත්වයක් ලැබුණා කියලා, විශේෂයෙන්ම ඔය ජනාධිපති පුටුව හරහා. මොකද රට පස්සටමයි ගියේ. හතලිස් ගණන් වල ඉදලා අපේ ආර්ථිකය පස්සටමයි ගිහින් තියෙන්නේ. ඒ නිසා අපේ රටට මැලේසියාවේ හිටපු මොහමඩ් මහතීර් වගේ සිංගප්පුරුවේ හිටපු ලී ක්වාන් යූ, සුන්දර අඥාදායකයෝ කියලා ඒ ගොල්ලන්ට කියන්නේ. රටට ආදරෙයි, ජනතාවට ආදරෙයි හැබැයි කෙලින් වැඩ කළා. ඒ වගේ කෙනෙක් තමයි අපිට අවශ්‍ය.”

මේ යන විදියට මේ ආණ්ඩුවට 2020 ගොඩ ගන්න පුළුවන් වෙයිද?

“මෙහෙමයි ඒකේ දෙපැත්තක් තියනවා. ආණ්ඩුවෙත් දුර්වලකම් තියනවා,  ඒක නිසා තමයි ආණ්ඩුව ඡන්දය නොදුන්නේ පහුගිය මැතිවරණයේ දි. ඒවා අපි සාකච්ඡා කරලා තියනවා නායකයෝ එක්ක. අනිත් පැත්තෙන් මාධ්‍ය මුදලට අරගෙන තියනවා මහින්ද රාජපක්ෂලා. එතකොට මාධ්‍ය වෙනම මල සොහොනෙක් මවලා පෙන්නනවා. ඔය ප්‍රශ්න දෙකම තියනවා. ඒ කෙසේ වුවත් 2020 අපි අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරනවා. ආපහු රාජකීයලාගේ පවුල් වාදයට, ඒකාධිපතිවාදයට, සුදුවෑන් සංස්කෘතියට මේ රටේ ඔලුව ඔස්සන්න අපි ඉඩ තියන්නේ නෑ.”