රන්ජන්ගෙන් මහින්දට විවෘත අභියෝගයක්! – පුළුවන් නම් චීනෙන් සල්ලි අරන් නෑ කියන්න…

0

නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට එරෙහිව ගොනකෝඩ් චෝදනා පිළිබඳව විමර්ශනය කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අද (28) මන්ත්‍රිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබෙනවා. අනතුරුව මන්ත්‍රිවරයා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

“මම දන්න විදිහට මේ පැමිණිල්ල භාගයක් දුර ගිහින් නැවතිලා තියෙනවා. මේකේ බී වාර්තාවක් තිබෙනවා. මම අභියෝග කරනවා පුළුවන් නම් මම දුන්නා වගේ දිවුරුම් ප්‍රකාශයක් දෙන්න චයිනා හාබර් එකෙන් චයිනා මර්චන්ට් එකෙන් කිසිඳු මුදලක් අරන් නෑ වගේම ඔවුන්ට මේ කරපු අපහාසයට නිව්යෝක් ටයිම්ස් පුවත්පතට ඩොලර් මිලියන ගාණක් ඉල්ලලා වන්දි නඩුවක් දාන්න පුළුවන්.නිව්යෝක් ටයිම්ස් එකට අදාළ නෑ පොහොට්ටුවද? පුටුවද? අලියද? කඩුවද? අතද? කියන එක. ඇල්ලකට කිට්ටුව ඉන්න ගුණවත් හාමුදුරුනමක් ඩොලර් 38000ක් අරන් තියෙනවා. ” මන්ත්‍රිවරයා පවසා සිටියා.