නිර්මාංශ අය වැරදි කරන්නේ නැද්ද? ගෝඨාභයගෙයි හිට්ලර්ගෙයි සමානකම් එකක් නෙමෙයි දෙකක්ම තියනවා…..

0

ජර්මනියේ අඥාදායකයෙක් ලෙස කටයුතු කළ හිට්ලර් සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අතර සමානකම් එකක් නොව දෙකක්ම පවතින බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

‘සිරිකොත’දී අද (28දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.

හිට්ලර් හා ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාම නිර්මාංශ ආහාර අනුභව කරන අතර, දෙදෙනාම ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා සිටින රටට පරිබාහිර රටක පුරවැසිභාවය හිමි වූවන් වන බවයි ඔහු සඳහන් කළේ.

ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියෙකු වන්නා සේම හිට්ලර්ද ජර්මනියේ පාලනය සියතට ගත්තද ඔහු ඔස්ට්‍රියානු ජාතිකයෙක් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

එසේම ශ්‍රී ලංකාවට අවංක ආදර භක්තියක් ඇත්නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද හෝ නොවූවද හැකිනම් ඇමෙරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වී පෙන්වන ලෙසට තමන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර සිටින බවයි අමාත්‍යවරය මෙහිදි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.