අමෙරිකාවට චීනෙත් එක්ක අවුලක් නම් දෙන්නා බේරගන්න……..බොරුවට මහින්ද ට මඩ ගහන්න එපා! – අජිත් නිවාඩ්ගෙන් සැර පිළිතුරක්

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ලංකාව චීන ණය උගුලක හිර කර ඇති බව පවසමින් The New York Times පුවත්පත සිදු කළ වාර්තාව සම්පූර්ණයෙන් ම අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල් පවසනවා.

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනි මාරියා හබි හබීබ් ශ්‍රී ලංකාවට පැමිණ තමා හමුවූ නමුත් තමා දුන් සත්‍ය තොරතුරු තිබියදීත් ඇය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිතර පුනරුච්චාරණය කරන චීන ණය උගුලේ කතාව ඔසවා තබා ඇතැයි ද ඔහු පවසනවා.

ඇමෙරිකාවට උපාය මාර්ගික වශයෙන් චීනයට පහර ගැසීමට අවශ්‍ය නම් එය ඔවුන්ගේ කටයුත්තක් වන නමුත් ඊට මහින්ද රාජපක්‍ෂ මහතා පටලවා ගැනීමට කිසිදු පදනමක් නැති බවත් ඔහු පෙන්වා දුන්නා.

එසේම නය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට මුදල් දුන් බව ප්‍රකාශ කරන එම ලිපිය ඒ සඳහා කිසිදු පිළිගත හැකි සාක්‍ෂියක් ඉදිරිපත් කර නැති බව ද හිටපු මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියා.