මහින්ද කෝටි 112 ක් එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ තියලද? ආණ්ඩුවෙන් නිල විමසීමක්

0

2015 මැතිවරණය වෙනුවෙන් චීනය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබා දුන් කෝටි 112 ක මුදල එක්සත් ආරබි එමිර් රාජ්‍යයේ තිබෙන බවට තොරතුරු ලැබි ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඒ පිළිබඳව අදාළ රාජ්‍යයෙන් නිල වශයෙන් විමසා ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මුදල් ලබාදුන් බවට නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත කළ ප්‍රසිද්ධ අනාවරණයකින් පසුව පැවැත්වූ පුළුල් පරීක්‌ෂණයක්‌ අනුව මෙම තොරතුරු අනාවරණය වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම හිටපු ජනාධිපතිවරයාට මැතිවරණ ව්‍යාපාරය සඳහා එම මුදල් ලබා දීමට මුල් වූ චයිනා හාබර් සමාගමේ ඉහළ නිලධාරීන් කිහිපදෙනකුද වත්මන් රජය විසින් චීනයට ආපසු හරවා යවා ඇති බවයි අමාත්‍ය පවසා සිටියේ.