16යේ කණ්ඩායමත් ඒකාබද්ධයි……පොහොට්ටුවත් එක්ක ආණ්ඩුවට එරෙහි 70ක්…!

0

ආණ්‌ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් 16 දෙනා ඒකාබද්ධ විපක්‌ෂය සමඟ පූර්ණකාලීනව කටයුතු කිරීමට එකඟ වූ බවත් ඒ අනුව මින් ඉදිරියට 16 දෙනාගේ කණ්‌ඩායමක්‌ නැති බවත් ආණ්‌ඩුවට විරුද්ධව ඒකාබද්ධ විපක්‌ෂය 70 ක කණ්‌ඩායමක්‌ පමණක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ඡේ. සෙනෙවිරත්න පවසා සිටියා.

මන්ත්‍රිවරයා මේ බැව් පැවසුවේ හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ සමඟ ඊයේ (28 දා) සවස බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‌ෂ කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

මෙම සාකච්ඡාව සඳහා ජෝන් සෙනෙවිරත්න මහතා සමඟ 16 දෙනාගේ කණ්‌ඩායමේ සාමාජිකයන් වන සුසිල් ප්‍රේම ජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්‌කොඩි, සුසන්ත පුංචි නිලමේ, ලක්‌ෂ්මන් වසන්ත පෙරේරා, අනුරාධ ජයරත්න, ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරු ද මෙම සාකච්ඡාවට සහභාගි වි සිටියා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here