ඩයස්පෝරාවට රට විකිණීමට එරෙහිව මහා සංඝරත්නය පෙරට…..!

0

රටේ මාධ්‍ය ආයතන සහ මූල්‍ය ආයතන දෙමළ ඩයස්පෝරාවට විකිණීමේ කුමන්ත්‍රණය වැළැක්වීමට කටයුතු කරන ලෙසත්, එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එරෙහිවත් කටයුතු කරන ලෙසත් රාවණා බලය සංවිධානය සහ සිංහලේ ජාතික පෙරමුණ අද (29) ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් බාර දුන්නා.

ජනාධිපතිවරයා අමතමින්  යොමු කළ මේ සංද්ශය ජනාධිපතිවරයාගේ අතිරේක ලේකම්වරයෙක් විසින් භාර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කඩිනමින්  සිදු කරන බවත් පවසා තිබෙනවා.

අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහලේ ජාතික පෙරමුණේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සඳහන් කළේ දමිල ඩයස්පෝරාවට ගැති මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ඔහුට උපදෙස් දෙන මනෝ තිත්තවැල්ල වැනි උපදේශකයන් රට පවා දීමේ කුමන්ත්‍රණයක නියැලි සිටින බවයි.

දකුණේ ආර්ථික බලය සහ මාධ්‍ය බලය ඩයස්පෝරාවේ ලයිකා මොබයිල් වැනි සමාගම් වලට යට කරන රටේ පාලකයෝ මේ වන විට උතුර ඩයස්පොරාවේ ලෙබරා වැනි සමාගම් වලට පාවා දෙමින් සිටින බවට ද උන්වහන්සේ චෝදනා කර සිටියා.