විග්නේෂ්වරන්ව මහඇමති කිරීම අපේ අසාර්ථක අත්හදා බැලීමක්!

0

උතුරේ තරුණ පිරිස වැඩි වශයෙන් අන්තවාදි පක්ෂ වලට නැඹුරු විමේ භායනක ප්‍රවනතාවයක් දක්නට ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම් ඒ සුමන්තිරන් පවසනවා.

මහනුවරදි පැවති සම්මන්ත්‍රණයක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“උතුරේ මහා ඇමතිගේ වර්තමාන ක්‍රියා කලාපය මගේ පක්ෂයට මුහුණ දෙන්න සිද්ධ වුණ එක ප්‍රශ්නයක්. 2012 නැගෙනහිර පළාත් සභා මැතිවරණය පැවති අවස්ථාවේදි පිල්ලෙයාන්ව මහ ඇමති කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු කළා. පිල්ලෙයාන් කියන්නේ හිටපු එල්ටීටීඊ සමාජිකයෙක්. දැන් ඔහුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම්ගේ ඝාතනය සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරනු ලබනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකය වටා යමින් පවසා සිටියේ කුමක්ද? කොහොමද මම පොලිස් බලතල දෙන්නේ පිල්ලෙයාන් වගේ මනුස්සයෙකුට කියලා. මේකට අපේ පිළිතුර වුණේ විග්නේෂ්වරන් මහ ඇමතිවරයා. ඔහු හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. අපි ඔහුව උතුරේ මහ ඇමති කරලා ඇහුවා ඇයි ඔබට පොලිස් බලතල දෙන්න බැරි මෙවැනි පුද්ගලයෙකුට කියලා. නමුත් අවසනාවකට එය අසාර්ථක අත්හදා බැලීමක් වුණා. අපි ඒ වැරැද්දට වන්දි ගෙවනවා. හිතනවා යලිත් එවැනි වරදක් සිද්ධ නෙවේවි කියලා.”

“අපි විසින් සිදු කළ විශ්ලේෂණයන්ට අනුව ප්‍රථමයෙන්ම ඡන්දය භාවිත කරන පිරිස වැඩිවශයෙන් අන්තවාදි පක්ෂ වෙත නැඹුරු වීමේ ප්‍රවනතාවයක් පෙන්වනවා. වයෝවෘධ පිරිස ජාතික දේශපාලනයට සaජුවම උදව් කරනවා. පසුගිය මැයි 18 වෙනිදා වෙල්ලිමුල්ල වයික්කාල් ප්‍රදේශයේ අනුස්මරණ සැමරුමක් තිබුණා. ඔවුන් විග්නේෂ්වරන්ව නොසලකා හැරියා. මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇතුළු වී සිටින හිටපු ජේෂ්ඨ එල්ටීටීඊ සමාජිකයින් මේ අවුරුදු විස්සේ තරුණ පිරිස විසින් ශාරිරිකව එම ස්ථානයෙන් ඉවත් කරනු ලැබූවා. එය අපි දකින්නේ භයානක ප්‍රවනතාවක් විදියටයි.”