අඬ අඬා වටේ යන්න එපා….කෙලින් පිළිතුරු දෙන්න….මරියා අබි හබීබ්ගෙන් මහින්දට අභියෝගයක්!

0

නිව්යෝක් ටයිම්ස් පුවත්පත වෙත කරුණු වාර්තා කිරීමේදි තමා ඒක පාර්ශවිකව කරුණු වාර්තා නොකළ බව එම පුවත්පතේ දකුණුු ආසියානු කලාපීය වාර්තාකාරිණිය මරියා අබි හබීබ් සඳහන් කර සිටිනවා.

සිය නිල ටිව්ටර් ගිණම හරහා පණිවුඩ කිහිපයක් යොමු කරමින් ඇය සඳහන් කරන්නේ අදාල ගවේෂණාත්මක වාර්තාව පලකිරිමට පෙර මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් කරුණු විමසීමට විද්‍යුත් තැපෑල / ජංගම දුරකතනය සහ වට්ස් ඇප් යන ක්‍රම හරහා අදාල සම්බන්ධකර ගැනීම් සිදුකිරිමට උත්සහ දැරුවද ඒවා ව්‍යාර්ත වු බව යි.

 

 

 

 

 

 

 

“මෙම වාර්තාව සමඟ පහත් කන්නලව් ව්‍යාපාරයකට හෝ බිය ගැන්වීමේ උපක්‍රම වලට යාමට වඩා ඔබ හා ඔබේ කණ්ඩායම වෘත්තීමය වශයෙන් ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම වඩාත් සුදුසුයි”

එසේම මේ සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩි කබ්රාල්ගෙන් විමසා සිටියද අදාළ චෝදනාවලට අදාලව නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් මරියා අබී හබීබ් මහින්ද රාජපක්ෂ පාර්ශවයට තම කරුණු දැක්වීමට තවමත් අවස්ථාව හිමිවි ඇති බවත් සඳහන් කරනවා.

කෙසේවෙතත් තම ලිපිය සම්පූර්ණයෙන් ම සත්‍ය තොරතුරු පදනම් කරගනිමින් රචනා කෙරු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here