මැතිවරණයට පෙර කොහොමහරි මහින්ද අගමැති කරලයි පස්ස බලන්නේ…..

0

එළඹෙන මැතිවරණයට පෙර කෙසේ හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට ගන්න උත්සහය අත නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසනවා.

හාලි ඇල ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව පවසා සිටියා.

“අපේ එකම වෑයම තමයි ඊලඟ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහත්තයා විපක්ෂනායක කරලා එතුමාව අග්‍රාමාත්‍යධූරයට පත් කර ගැනීම. ඒ සඳහා අපි සියළු උපක්‍රම හා විධික්‍රම භාවිත කරනවා.”

ඔබතුමාලා නම් කරන ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවාද?

“මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපේ අපේක්ෂකයා වෙන්නේ.”

Dilan Perera

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here