FCIDයට, නීතිපති දෙපාර්තමේන්තුවට කරන්න බැරි වැඩේ අමෙරිකානු පත්තරයක් කළා…..ඒ කාලයේ වංචාවලින් ඔය කොටසක් විතරයි!

3

අදාළ චීන සමාගම මහින්ද රාජපක්ෂට මුදල් ලබා දුන් බව ප්‍රතිකේෂ්ප කර නොමැති බවත් හිටපු ජනාධිපතිවරයා පිළිතුරු ලබා දිය යුත්තේ මෙරට පුවත්පත් වලට නොව නිව්යෝක් ටයිම්ස් පුවත්පතට බවත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත ආවාට ගියාට පුවතක් පළ කරන්නේ නැහැ. එම ප්‍රවෘත්තියේ අදාළ චෙක්පත් ඇත. මුදල් ලබා දුන් පුද්ගලයන් බැංකු ආදිය සඳහන් කර තිබෙනවා. භික්ෂුන් වහන්සේ නමකටත් මුදල් ලබාදී තිබෙනවා. එලෙස මුදල් ලබා නුදුන් බවත්, එම පුවත වැරැදි බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට පැවැසිය යුතුයි. අදාළ චීන සමාගමවත් එම පුවත ප්‍රතික්ෂේප කර නැහැ.”

“හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වූ දූෂිත ගනුදෙනුවලින් සුළු ගනුදෙනුවක් තමයි මේ වන විට එළියට ඇවිත් තිබෙන්නේ. මෙරට මූල්‍ය අපරාධ කොට්ඨාසයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිපති දෙපාර්තමේන්තුවට කළ නොහැකි වූ දෙයක් ඇමෙරිකාවේ පත්තරයක් සිදු කර තිබෙනවා. ඉන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේවල් තිබෙනවා.”

“දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ වූවන්ට නඩු පැවැරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවට කාලයක් ගත වුණා. පසුගිය ආණ්ඩු සමයේ සිදුවූ සොරකම්, මනුෂ්‍ය ඝාතනවල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා.”

“මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා හන්දි ගාණේ මයිකේ‍රා්ෆෝනවලට උත්තර නොදී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අදාළ කරුණු දැක්වීම කළ යුතුයි. නිව්යෝර්ක් ටයිම්ස් පුවත බොරුවක් කියල පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එතුමා නිව්යෝර්ක් ටයිම්ස් කියලා පුවත්පතක් තියෙනවාද කියලවත් දන්නෙ නැතිව ඇති. කියවලත් නැතිව ඇති.”

Rajitha Senaratne

3 COMMENTS

  1. Thaznks , Ι hwνе recently been searching for info approximately thuis topic ffor a while and yoսrs is tthe greateѕt I have foud outt

    tiⅼl now. However, ᴡhat in regards to the boftom line?

    Are you ceetain concerning the supply?

  2. Ι blog quite often and I reaⅼly appreciate your content.

    Your aгticle haѕ reaⅼly peaked my interest. I

    will take a note of yyour sіte and keep cheecҝing for new details about once a week.

    I opteɗ in for yߋur Feed too.

Comments are closed.