රාජපක්‍ෂවරු අල්ල ගන්න මුකුත් නෑ කියලා තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ

0

නිව්යෝක් ටයිම්ස් පුවත් පත පවසන ආකාරයේ මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (01) තංගල්ල පරෙවිවැල්ල වෙරළ තීරය පිරිසුදු කිරීමේ වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඒ පුවත්පත කියන ආකාරයට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුදලක් ලැබුණේ නැහැ. අපි ඒක වගකීමෙන් කියනවා. එෆ්.සී.අයි.ඩී. එකෙනුයි සී.අයි.ඩී. එකෙනුයි අවුරුදු හතරක් පරීක්‍ෂණ කෙරුවා. පිටරට සමාගම් නොවේ, ලංකාවේ සල්ලි දීපු අය ගෙනැල්ලත් ප්‍රශ්න කළා. ගමේ දන්සල් දීපු අයවත් ගෙනත් ප්‍රශ්න කළා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ බැඳපු අයත් ගෙනැත් ප්‍රශ්න කළා. රාජපක්‍ෂවරු අල්ල ගන්න මුකුත් නෑ කියලා තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව මේ කරන්නේ.”

“රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළ දෙයින්ම පැහැදිලි ‘නිව්යෝර්ක් ටයිම්ස්’ එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා සී.අයි.ඩී. එකෙන්ලු දුන්නේ තොරතුරු ටික. ලියපු මාධ්‍යවේදිනිය සම්පූර්ණයෙන් ඒක ප්‍රතික්‍ෂේප කරලා තිබුණා. හැබැයි ආණ්ඩුවේ ඇමැතිවරයා කියනවා සී.අයි.ඩී. එකෙන් පරීක්‍ෂණ වාර්තා ටික දුන්නේ කියලා. ඒකෙන්ම පැහැදිලි හොයලා හොයලා මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යට නිකුත් කරනවා.”

“නිව්යෝර්ක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. ජාත්‍යන්තර මාධ්‍යක් වුණාට රාජිත සේනාරත්න කියනවා නම් සී.අයි.ඩී. එකට එෆ්.සී.අයි.ඩී.යට හොයා ගන්න බැරිවුණු දේ නිව්යෝර්ක් ටයිම්ස් හොයා ගත්තා කියලා රන්ජන් රාමනායක මහත්තයා කියනවා සී.අයි.ඩී. එකෙනුයි එෆ්.සී.අයි.ඩී. එකෙනුයි තමයි නිව්යෝර්ක් ටයිම්ස් එකට තොරතුරු දුන්නේ කියලා. එහෙම බැලුවම මුන් දෙන්නම කියන්නේ බොරු. මේ දෙන්න ඇමෙරිකාව කිව්වොත් යුරෝපය කිව්වොත් එතැනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණු දවසේ ඉඳලා කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා.
ඊළඟ මැතිවරණය ආවම රාජපක්‍ෂවරුන්ට මඩ ගහන ආණ්ඩුව සුද්දම වෙලා යයි. ජනතාවාදී ආණ්ඩුවක් පත්වෙයි” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.

Namal Rajapaksa