පළවෙනි අවුරුදු තුන මිනිස්සු කෙළ ගැහුවත් රට ඇදගෙන ගියේ අද තියන තැනට රට ගේන්න

0

පසුගිය අවුරුදු තුනේදි බිම බඩගාගෙන, බැණුම් අහගෙන, මිනිස්සු කෙල ගැහුවත් කමක් නෑ කියලා වැඩ කළේ අද සිදු කරන සංවර්ධන ව්‍යාපෘති රටට ගෙන ඒමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඊයේ (01) මහනුවරදි වතුකරයේ ජනතාවට ඉඩම් ලබා දීම එනුවෙන් පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ බව සඳහන් කළා.

“දැන් අපි මේ වතුකරයේ අයට දෙන්නේ ගෙයක් නෙමෙයි ජීවත් වෙන්න පුළුවන් ප්‍රජාවට ගමක් දෙන්නේ. අන්න එහෙමයි අපි ආර්ථික සංවර්ධනය කරන්නේ. අපි සැළැස්මක් එක්කයි වැඩ කළේ. මම බොරු කියන්න ඕනේ නැහැනේ. මේ අවුරුද්දේ අපේ ගම් පෙරලිය, Enterprise Lanka, ස්ව ශක්ති, විමධ්‍යගත අයවැය, ගම් මට්ටමේ පාරවල් මේ ඔක්කෝම ගත්තාම රුපියල් බිලියන 160 ක් 200ක් මේ අවුරුද්දෙත් එන අවුරුද්දෙත් අපි වියදම් කරනවා. අමාරුවෙන් ඒකයි පළවෙනි විරුදු තුන බඩ ගාගෙන හරි බැනුම් අහලා හරි, මිනිස්සු කෙල ගැහුවත් හරි ඉදිරියට ගියේ. අපි නිකම් සටන් පාඨ කියලා රට බේර ගන්නවා සිංහලයා අනතුරේ කියලා නෑ වැඩේ කළා. අපි බාර ගත්තේ ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය දැන් නැවි එන්න පටන් අරන්. අපි බාරගත්තේ මොනරු ඉන්න ගුවන් තොරුපොළක්. ජාත්‍යන්තර ගුවන් තොටු පොළක්. උදේ ආවෙත් මොනරු හැන්දෑවෙත් එහෙමයි. පිටවුනෙත් මොනරු. මොණරු එන නිසා අපි ගිහින් දැම්මා වී ටික. අඩුම තරමේ මොනරුන්ට කන්නවත් පුළුවන්නේ. වසර අවසානයේ එතනට ගුවන් යානා එනවා. දැන් අපි මහනුවර දියුණු කළාම, බෝගම්බර දියුණු කළාම සංචාරක නගරයක් වෙනවා. එක පැත්තකින් ගාල්ල අනිත් පැත්තෙන් මහනුවර බෝගම්බර. මොකක් කලත් මම එකකට ඉඩ දෙන්නේ නෑ මහනුවර කරන්න. ඒ තමයි නයිට් රේස් බෑ.” අගමැතිවරයා සඳහන් කලා.

Ranil Wickremesinghe

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here