අවුරුදු 3න් ආණ්ඩුව රට කෑවා….තහවුරු කළේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයයි!

0

වර්තමාන යහපාලන ආණ්ඩුව පසුගිය අවුරුදු තුන ඇතුලත රට විනාශ කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

මාතලේ ගල්වෙල ප්‍රදේශයේ ඊයේ (01) පැවති  ‘එළිය’ සම්මන්ත්‍රණයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා .

“අප් දන්නවා අපිට හුගාක් අය චෝදනා කරනවා චීනයෙන් ණය ගත්තා කියලා. ඇයි ලෝක බැංකුවෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්නේ නැත්තේ කියලා. අපි දන්නවා අපි දකිනවා අද ලෝක බැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ණය දීලා ඒ ණය හරහා අපේ රටට දාන කොන්දේසි වල බලපෑම නිසා අද මොකද වෙලා තියෙන්නේ කියලා. අවුරුදු 03 ක් තුළ මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27 ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුලත මේ මුළු රටම නැති කරලා දාන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුවක් නැවත ආවොත් මේ අය ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය නැවත විනාශ වෙයි කියලා කියනවා. හැබැයි නැවත ත්‍රස්තවාදය ඇතිවෙනවා නම්, පාතාලය නැවත හිස ඔසවනවා නම් ප්‍රජාතන්ත්‍රවාදයක් ආරක්ෂා කරන්න පුළුවන්ද? අද දවසක් එළිවෙන්නේ යම් කිසි මරණයක් ගැන කතා කරලා. ඇමතිවරයෙක් අද ඇවිල්ලා තමුන්නැහැලා ඉදිරියේ වෛරයෙන් කතා කරන්නේ මොනවාද කොහොමද කෙනෙකුට ජම්පර් අන්දන්නේ කියලා. මේ අය තහවුරු කරන්න යන්නේ ජම්පර් ප්‍රජාතන්ත්‍රවාදයයි.” හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

Gotabhaya Rajapaksa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here