අපේ නායකයා මහින්දයි..මහින්දට වඩා කෙනෙක් ලොවෙත් නෑ…..වියත් මග රටට එපා!

0

රටට අවශ්‍ය යාවත්කාලීන කළ මහින්ද චින්තනය මිස වියත් මඟ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඊයේ (02) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වය යටපත් කරගෙන ඉදිරියට පැමිණීමට කවුරු හෝ උත්සාහ කරනවා නම් ඊට ඉඩ දිය යුතු නැති බවයි.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“පළාත් සභා ඡන්දය වහාම පැවැත්විය යුතුයි. නමුත් ආණ්ඩුව වගකීම පැහැර හැරලා. සීමා නිර්ණය පිළිබඳ වාර්තාව සම්මත කර ගැනීම වැනි කාරණා කරන්නට ආණ්ඩුවට මැදිහත්විය හැකියි. නමුත් ආණ්ඩුව නිසොල්මනේ සිටිනවා.”

“ඡන්දෙකට සූදානම් වුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් රජයේ මුදල් තමන්ගේ හිතවතුන්ට ලබා දීම පිළිබඳවයි ප්‍රශ්නය තිබෙන්නේ. එය බරපතළ ප්‍රශ්නයක්. ඡන්දය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළාට කමක් නැහැ. නමුත් පගාව දෙනවා නම් එය වැරැදියි. ආණ්ඩුව කියනවා අගනුවර සංවර්ධනය කරනවා කියලා. නමුත් මුහුදු ඛාදනය නිසා අවතැන් වී සිටින පවුල් සම්බන්ධයෙන් ආණ්ඩුවට නිසි පිළිතුරක් නැහැ. මහ නගර ඇමැතිටත් දෙන්න විසඳුමක් නැහැ. දුප්පතුන්ට මොනවා වුණත් කමක් නැහැ.ආයෝජකයෝ එනවා නම් එයාලට ඇති. මුහුදු ඛාදනය නිසා අවතැන් වූ ජනතාව පිළිබඳව වහාම ආණ්ඩුව සොයා බැලිය යුතුයි.”

“රනිල් වික්‍රමසිංහ මහත්තයා සිංගප්පූරු අගමැතිගෙන් නිකමටවත් අහනවාද අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධ කාරණාව පිළිබඳව. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එහෙම කියලා නැහැ. වික්‍රමසිංහ මහත්තයා මේවාට වගකිව යුතුයි. අගමැතිතුමාට සෑම කාරණාවකටම උත්තර තිබෙනවා. හරියට කිතුල් ගහට නැඟපු මිනිහට වගේ. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙනුත් උත්තර දෙන්න.”

“මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඉදිරිපත් කරන්නේ ගල් පැළෙන බොරු. ගල් පැළෙන බොරු කියලායි ඇමෙරිකානු දක්ෂිණාංශිික පුවත්පත් රටවල් අස්ථාවර කරන්නේ. මහින්ද රාජපක්ෂ අපේ නායකයායි. එතුමාව පාර්ලිමේන්තුවේ අගමැති බවට පත්කරන්නට අපට අවශ්‍යයි. ඒ සඳහා ආණ්ඩුවේ මන්ත්‍රිවරු විපක්ෂයට අෑදා ගත යුතුයි. හැකි නම් ජනාධිපතිවරණය පැවැත්වීමේ අවශ්‍යතාවත් අපි වැළැක්විය යුතුයි. එය කරන්න පුළුවන් අපට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් එකතු කරගන්න පුළුවන් වුණොත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපතිවරණය වළක්වා ගන්නට කටයුතු කළ හැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර චාරිත්‍රානුකූල ජනාධිපතිවරයෙක් පත්වුණාට ප්‍රශ්නයක් නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here