2020 ජනාධිපති වෙන්න ඉල්ලන්නවත් රාජපක්ෂවරුන්ට බෑ…..!

0

2020 ජනාධිපතිවරණයට රාජපක්ෂවරුන්ට ඉදිරිපත් වීමට අවස්ථාවක් නොමැති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල පවසනවා.

පසුගිය දා පැවති ජන හමුවක් අමතමින් අමාත්‍යවරිය සඳහන් කළේ මැතිවරණ ව්‍යාපාරය සඳහා චීනය විසින් රාජපක්ෂවරුන්ට ලබා දුන් කළු සල්ලි පිළිබඳව අමෙරිකාවද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

“ගෝඨාභය රාජපක්ෂයි, බැසිල් රාජපක්ෂයි දෙන්නාටම අමෙරිකානු පුරවැසිභාවය තියන හින්දා, චීන කලු සල්ලි එක්ක මෙහේ මොකද කළේ කියන එක හොයලා බලන්න අමෙරිකානු ආණ්ඩුවට උවමනාවක් තියන හින්දා තමයි ඒ ගොල්ලෝ ඔය බෝම්බේ පත්තු කරලා දාලා තියෙන්නේ. චීන කලු සල්ලි එක්ක වැඩ කළා නම් ඒ ගැන හොයලා බලන්න සම්පූර්ණ අයිතිය අමෙරිකානු රජයට තියන හින්දා තමයි අද හොයලා බලන්න තීරණය කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට අමතක වෙලා තිබුණත් ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් ඊලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියන එක මම වගකීමෙන් කියනවා.” අමාත්‍යවරිය පවසා සිටියා.

Thalatha Atukorale

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here