විජේකලාගේ ප්‍රකාශය මහින්දගේ ගැටයක්…..!

0

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පත් වූ වාර්තාව සම්බන්ධයෙන් ඇතිව ඇත මතභේදාත්මක තත්ත්වය අමතක කරවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අමාත්‍ය විජයකළා මහේස්වරන්ගේ ප්‍රකාශය සිදු කරවන්නට ඇති බවට සැකයක් මතු වන බව ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

අද (03) ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපි ප්‍රථමයෙන්ම එතුමියගේ මතය හෙලා දකිනවා. මේ රජය මේ රටේ යහපාලනය ස්ථාපිත කරලා. විශේෂයෙන්ම මේ රටේ දුගී දුප්පත් ජනතාව, ඒ වගේම උතුරේ යුද්ධයට මැදිවුණ අහිංසක දෙමළ ජනතාව වෙනුවෙන් මේ රජය දැවැන්ත කාර්යභාරයක් කරලා තියනවා. මේ රටේ අහිංසක අසරණ යුද්ධයට මැදි වෙච්ච ජනතාව උදෙසා අපි මේ වන විට මේ රටේ සංහිදියාව ඇති කරලා මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ජනතාව අතර කුල මල භේදයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රාමුව ඇති කරලා තියනවා. ඒක සමහරවිට එතුමිය දන්නේ නැතුව ඇති. ඒ වගේම උතුරේ ජනතාවට නිවාස හදලා තියනවා. උතුරේ ජනතාවට ඉඩම් ලබා දීම, උතුරේ ජනතාවට පාසල්, මංමාවත් ලබා දීම ඇතුළු, ඒවගේම උතුරේ ත්‍රස්තවාදය නිසා අවතැන් වෙච්ච, කොටි ත්‍රස්තවාදින්ට හිර වෙලා හිටපු, එම ත්‍රස්තවාදී කණ්ඩායම් වල සමාජික සාමාජිකාවන් පුනුරුත්තාපනය කරලා මේ රටේ සමාන්‍ය ජනතාව හැටියට ජීවත් වීමේ අවස්ථාව ලබා දීලා තියනවා. මේ රටේ ද්‍රවිඩ මුස්ලිම් ජනතාව වෙනුවෙන් මේ ආණ්ඩුව දැවැන්ත සේවාවක් කරලා තියනවා. එතුමිය සමහර වෙලාවට දේශපාලන වාසි ගන්න මේ ප්‍රකාශය කළාදෝ කියන හැගීම අපිට එනවා. ඒවගේම එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අර මිලියන 7.6 ක ප්‍රවෘත්තිය හංගා ගන්න, යටි මඩි ගහ ගන්න මේ කුමන්ත්‍රණය කළාදෝ කියන හැගීම අපිට තියනවා. හැබැයි අපි මේක හෙලා දකිනවා. මේ විශ්නේෂ්වරන්ලාගේ, දකුණේ ඉන්න ජාතිවාදී ආගම්වාදි කණ්ඩායම්. ඒ අයගේ කුමන්ත්‍රණවල වග උත්තරකාරයෙක් ද පංගුකාරයෙක්ද යන හැගීමත් අපිට එනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here