බැසිල්ද?ඝෝඨාදධ චමල්ද ? නැත්නම් නෝනද?….

1

ඇමෙරිකන් ඩොලර් මිලියන 07.06 ක් චීනයෙන් ලැබුණේ නැති බවට දිවුරුම් ප්‍රකාශයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා වැවිලිකර්මාන්ත අමාත්‍යහා  නවීන් දිසානායක ඊයේ (01) දා  පස්වරුවේ පැවසීය.

අමාත්‍යවරයා එසේ පැවසුවේ, රාගල නගරයේදී පවති එ.ජා.ප. ජන හමුවක් අමතමිනි.

“මේ දවස්වල පොහොට්ටුවේ තියෙන තරඟය මොකද්ද කියල? ඒක තමයි සහෝදරයෝ අතර තියෙන තරඟය. සහෝදරයෝ තීරණය කරනව කව්ද ජනාධිපති මැතිවරණයට එන්නේ කියල. බැසිල්ද?ඝෝඨාදධ චමල්ද ? ඊට අමතරව නෝනද? නෝනත් ඉන්නව රේස් එකේ. මොකද අපි දන්නව මහින්ද රාජපක්ෂ මහත්තයාට ගොනුවෙලා තියෙන ඡන්ද ටික එතුමා කිසිසේත්ම පවුලෙන් පිටට දෙන්නේ නෑ.”

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය.

“විශේෂයෙන්ම අද මාධ්‍ය මගින් කතා කරන මාතෘකාවක් තමයි රාජපක්ෂ මහත්තයාටචීන සමාගමකින් ඩොලර් මිලියන 07.06 ක් මැතිවරණ කාලයේ දුන්නා  කියන කතාව. ඩොලර් මිලියන 07.06 ක් කියන්නේ  විශාල මුදලක්. එහෙමනම් ඇයි  චීන සමාගම රාජපක්ෂ මහතාට මේ මුදල් දෙන්නේ?  අපට එහෙම මුදල් හම්බ වූණේ නෑ. එදා අපේ රට සුදු ජාතීන්ගේ අධිරාජ්‍යවාදයට යටවුණු රටක්. අද අපි චීන රටේ අධිරාජ්‍යයක් වෙල තිබෙනවාද කියා අහන්න ඕන. නමුත් රාජපක්ෂ මහතාට කිසිම අහිතකරයක් වෙන්න කියා කියන්නේ නෑ. එතුමා මේ රටේ නායකයෙක් හැටියට මේ රටට වැඩක් කළා. මේ රටේ යුද්ධය අවසන් කළා. නමුත් මම එතුමට  කියනව කරුණාකරල දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඇමෙරිකන් ඩොලර් මිලියන 07.06 ක් හම්බවුණේ නෑ කියල.  එතකොට අපිට විශ්වාස කරන්න පුලුවන් මෙහෙම මුදලක් ලැබුණේ නෑකියල.මෙකද අපි හිතනව අපි පතනව මුදල් වලින් තොරව, දූෂණයෙන් නාස්තියෙන් තොරව රටක් ඉදිරියට ගන්න. බැඳුම්කරය ගැන කතා කරනව. බැඳුම්කරයේ අඩුපාඩුකම් වුණා. අපි දන්නව බැඳුම්කරයේ හොරකමකුත් වූණා කියල. විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඇතුලු මේ ආණ්ඩුව ප්‍රථම වතාවට ජනාධිපති කොමිෂමක් පත්කරල අද ඒ බැඳුම්කරයේ ප්‍රධාන චූදිතය හිරබාරයේ කියල මම මේ අවස්ථාවේදී පැහැදිළිව කියනව.තමුන්නාන්සේලා හිතනවද රාජපක්ෂලාගේ ආණ්ඩුවක් තිබුණනම් මෙහෙම වෙයි කියල. නෑ අද රාජපක්ෂ මහතාගේ ඉතාම කිට්ටු හිතවතුන් පිටරට ඉන්නව. ඔවුන්ට විරුද්ධව අපි නඩු දාල තිබෙනව. ළඟදීම ඒ අය ගෙන්නගන්න අපි බලාපොරොත්තු වෙනව.  එම නිසා අද මේ මාතෘකාව හැරිල තියෙනව ජනාධිපති අපේක්ෂකය වෙන්නේ ඝෝඨාභය රාජපක්ෂද ? බැසිල් රාජපක්ෂද? චමල් රාජපක්ෂද ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂද? කියල. එතකොට වෙන කවුරුත් නැද්ද අප්පා ඔය බලවේගේ ඉදිරිපත් වෙන්න. කුමාර වෙල්ගම මැතිතුමා කියනව අපිටත් මේකේ චාන්ස් එකක් දෙන්න කියල. නමුත් චාන්ස් එකක් දෙන්නේ නෑ. මොකද රාජපක්ෂවරුන්ගේ එකම බලාපොරොත්තුව හා තන්හාව තමයි මේ ඡන්ද ටික පවුල තුළ තියාගන්න.”

“එක්සත් ජාතික පක්ෂයේ කාරණා දෙකක් තියෙනව. එකක් තමයි පොදු වැඩ ටික. මම තමුන්නාන්සේලාට පැහැදිළි ප්‍රකාශයක් කරනව ඒ පොදු වැඩ ටික අවශ්‍ය සම්පත් ටික අපි ලබා දෙනව කියල. තමුන්නාන්සේලාගේ ගම්වල තියෙන අඩුපාඩුකම් අනවාර්යෙන් කරල දෙනව කියල පැහැදිළි පණිවිඩය ලබා දෙනව. අපේ පක්ෂය එක පවුලකට ඒ පවුලෙන් බිහිවන දේශපාලන නායකයින්ට සීමා වෙලා නෑ.  අපේ පක්ෂය ඕනෑම තරුණ තරුණියෙකුට විවෘත්තයි. පුංචි තැනේ ඉඳලා ජනාධිපති ධූරය දක්වා යන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියල මම ප්‍රකාශ කරනව. තමුන්නාන්සේලා දන්නව බුද්ධිමත් ජනතාවක් හැටියට මේ දවස්වල පොහොට්ටුවේ තියෙන තරඟය මොකද්ද කියල? ඒක තමයි සහෝදරයෝ අතර තියෙන තරඟය. සහෝදරයෝ තීරණය කරනව කව්ද ජනාධිපති මැතිවරණයට එන්නේ කියල. බැසිල්ද?ඝෝඨාදධ චමල්ද ? ඊට අමතරව නෝනද? නෝනත් ඉන්නව රේස් එකේ. මොකද අපි දන්නව මහින්ද රාජපක්ෂ මහත්තයාට ගොනුවෙලා තියෙන ඡන්ද ටික එතුමා කිසිසේත්ම පවුලෙන් පිටට දෙන්නේ නෑ. මොකද පුංචි පුතාව රජ පුටුවේ තියන්න ඕන නිසා.මේ ඝෝත්‍රවාදී දේශපාලනයෙන් අපි මිදෙන්න ඕන. බය වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකය අපි නම් කරනව. ඒ ගැන කිසිම කතා දෙකක් නෑ. අපිට දිනන්න පුලුවන් ජොකියෝ ඉන්නව. කන්ද උඩරටිනුත් ජොකියෝ ඉන්නවා කියල තමුන්නාන්සේලාට ප්‍රකාශ කරන්න මම කැමතියි. අපිට රනිල් වික්‍රමසිංහ මහත්තය, සචිත් ප්‍රේමදාස මහත්ය, ඉන්නව. තවත් කට්ටිය ඉන්නව. අපිට ඒක කිසිම ගැටළුවක් නෑ. අපි එක පවුලකට මේ ජනාධිපති අපේක්ෂකකම සීමා කරන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය වටා මේ රටේ ලක්ෂ ගාණක් ජනතාවක් ඉන්නව. ගිය මැතිවරණයේ ඉතාමත් දුර්වල ඡන්ද ව්‍යාපාරයක් කරලත් 33% ක ජනතාවක් එක්සත් ජාතික පක්ෂයට ජන්දය ලබා දීල තිබුණ. ජාතික සංවිධායක හැටියට මගේ යුතුකම තමයි මේ 33% ප්‍රතිශතය  40% දක්වා අනිවාර්යයෙන්ම වැඩිකරනව කියල ප්‍රකාශ කරනව. අපිට එක්සත් ජාතික පාක්ෂිකයින් ඉන්නව. නමුත් එ.ජා. පාක්ෂිකයින් අතර පොඩි කලකිරීම් තිබෙනව. අපි ඒවා පිළිගන්නවා. මක් නිසාද කියනවනම් අපි එක්සත් ජාතික පාක්ෂිකයින් රැකගන්න පුලුවන් වැඩ පිළිවෙලකට යන්න ඕන. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඔය පුටුවේ ඉන්දෙව්ව් පොහොට්ටුවේ කට්ටිය නොවෙයි එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ ඡන්ද වලින් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති කරල රාජපක්ෂ මහත්තයා ගෙදර යැව්වේ. එක්සත් ජාතික පක්ෂ බලවේගය තමයි ඒ දේ කළේ. ආයෙත් සමහර අය මෙතෙන්ට එනට බලනව. මොකද ඒ අය එතෙන්ට ගියාට පස්සේ එතන ඉන්න අය කියනව උඹලාට මෙතන තැනක් නෑ කියල. ඒ 16 දෙනා එතන අතරමං උනා. එතන මගේ යාලුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් හිටියා. මම ඒ අයට කිව්වා උඹ කරන ලොකුම මෝඩකම ඔතන ඉඳගන්න එක කියල. නමුත් අපි කිව්ව දේවල් උන් ඇහැව්වේ නෑ. දැන් දුක් වෙනව. එතන 70 වෙන් ආණ්ඩු පෙරළන්න බෑ. මේ ආණ්ඩුව අනිවාර්යෙන් 20-20 වෙනකන් යනවා. ඒක සක්‍ර දෙවියන්ටවත් නවත්තන්න බෑ. 20-20 ඉස්සල්ලාම එන්නේ මහ මැතිවරණයක් නොවෙයි ජනාධිපති මැතිවරණයක්. ජනාධිපති මැතිවරණයේදී අපි අනිවාර්යෙන්ම  හොඳ ගේම් එකක් දෙනවා කියන පණිවිඩය අපි තමුන්නාන්සේලාට කියනවා. අපි ජයග්‍රහණය කරනවා. අපි දාන්නේ දිනන්න පුලුවන් ජොකියෙක්. පරදින ජොකියෙක් නොවෙයි. 2015 මහින්ද පැරැද්දුවනම් මහින්ද නොවෙන කෙනෙක් අපිට ලේසියෙන්ම පරද්දන්න පුලුවන්. ඒක තමයි යථාර්ථය. ඒක පිළිගන්න ඕන. මහින්දට ලැබුණ ඒ 48% එයා දාන අපේක්ෂකයට, එයා දාන ඉත්තට ගන්න බෑ. අපි දාන්නේ දිනන්න පුලුවන් සුපිරිසිදු අපේක්ෂකයෙක්. එම නිසා තමුන්නාන්සෙලා බයවෙන්න එපා. කළකිරීම් තියෙනව. බඩු මිළ ටිකක් වැඩියි. මේව ඔක්කොම ළඟදි අඩු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සංවර්ධන සැලැස්ම, සංග්‍රාමය, ගම්පෙරළිය ගම්වලට ගේන්න.”

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

1 COMMENT

  1. We can appreciate his challenge if he will give the same challenge to Mr Ranil Wickramasinha too about the infamous" BOND SCAM" emphasizing he has no what so ever connection with that deal and no vested interest in insisting the president to reappoint Arjun Mahendran for a second term.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here