වීරවංශ මන්ත්‍රිතුමා මුඛ පරික්ෂාවක් කරගන්න……කට හොඳ නෑ…..!

0

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විජයකළා මහේස්වරන් අමාත්‍යවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න ලෙස ඉල්ලා අද (03) පාලිමේන්තු සභා ගර්භය මධ්‍යයේ උද්වේගකාරි ලෙස හැසිරුණා.

සෙංකෝලය රැගෙන එහා මෙහා දිව යාමට සූදානම් වීමත් සමඟ තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා කතානායකවරයාට පාර්ලිමේන්තුව හෙට උදෑසන දක්වා කල් තැබීමට සිදු වුණා.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා: ගරු කතානායකතුමා මම ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලනවා. අපි මන්ත්‍රිවරයෙක් ලෙස පටන් ගන්න ඉස්සල්ලා අපි දිවුරුමක් දෙනවා, ප්‍රතිඥාවක් දෙනවා ආණ්ඩු ව්‍යවස්ථාව රකින්න, රටේ ඒකියභාවය රකින්න. දැන් මේ රාජ්‍ය අමාත්‍යවරිය ඇමතිවරු දෙන්නෙක් ඉන්න වේදිකාවක මේ කියන කතාව ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමටක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් කරලා තියානවා. තවදුරටත් එතුමියට අයිතියක් නෑ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න. එතුමියගේ හිතේ අමාරුවට වෙන මොනවා හරි කරගන්න කියන්න.

දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා: CID එකෙන්  එතුමියට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරන්න කියන්න. ඒවගේම මේ පාර්ලිමේන්තුව එතුමියට තහනම් කරන්න ඕන.

අශෝක ප්‍රියන්ත මන්ත්‍රිවරයා (එජාප): ගරු කතානායකතුමණි ඒක eඑක පැත්තක මතයක් නෙමෙයි. අපිත් එතුමිය අමාත්‍යධූරයක් දරනවා ට විරුද්ධයි. අපිත් කියන්නේ අමාත්‍යධූරයෙන් ඉවත් වෙන්න කියලා.

කෙසේවෙතත් එම අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ විරෝධතාවේ නිරතවිය.

කතානායක: ඒක එහෙම නම් මට මේක නවත්වන්න වෙනවා. එහෙම බෑ තර්ජනය කරලා බෑ ඒක කරන්න. වීරවංශ මන්ත්‍රිතුමා මම ඔබතුමාට කියනවා වාඩි වෙන්න කියලා. මට වැඩකටයුතු කරන්න දෙන්න. මේක රඟ මඩලක් කරන්න එපා.

අනතුරුව පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබු අතර නැවත රැස්වූයේ පස්වරු 02ටය.

කතානායක: මම කතානායක විදියට අයිතියක් නෑ මේක බලන්න. මම ගරු අගමැතිතුමාට කතා කළා. අගමැතිතුමා ඒගැන පරීක්ෂණයක් කරලා අවශ්‍ය පියිවර ගනීවි. විමල් වීරවංශ මැතිතුමා මතක තියා ගන්න මට එහෙමනම් මේ පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න කියපු අය ඉන්නවා. පාර්ලිමේන්තුවට ගිනි තියන්න කියපු අය ඉන්නවා.මට ඒවා නතර කරන්න බෑ. වීරවංශ මන්ත්‍රිතුමා ඇවිල්ලා මෙතන සෙල්ලම් කෙරුවා. ඔබතුමා මුඛ පරික්ෂාවක් කර ගන්න. පාර්ලිමේන්තුවේ විනයක් තියෙන්න ඕන. ඔබතුමා ලැජ්ජ වෙන්න ඕන. පාර්ලිමේන්තුවක් මේක මොකද්ද මේ. ඔබතුමාට වෙලාව දෙන්නේ නෑ. ඔබතුමා කතා කෙරුවොත් මේ හැමදේම අවුල් කරනවා. වීරවංශ මන්ත්‍රිතුමා ඉතාම පහත් විදියට හැසිරුණා. බෙදුම්වාදයට මම ඉඩ දෙන්නේ  නෑ. ඔබතුමා මන්ත්‍රිවරයෙක් ලෙස හැසිරෙන්න. තමුසෙලා මේ පිස්සු කියනවා. ඔයගොල්ලෝ නිසා තමයි මේ බෙදුම්වාදය ඇති වෙන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here