විජයකලාට එරෙහිව පිවිතුරු උරුමයෙන් පැමිණිල්ලක්…..

0

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විජයකලා  මහේෂ්වරන් 2018.07.02 දින   යාපනය  වීරසිංහම් ශාලාවේදී පැවති රාජ්‍ය උත්සවයකදී “එල්ටීටීඊ එක යළි ගෙන ඒමයි අපේ ප්‍රධාන අරමුණ.” යැයි සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව පිවිතුරු හෙළ උරුමය විසින් කොළඹ කොටුව පොලිස් මූලස්ථානයට ඊයේ (03) පැමිණිල්ලක් භාර දුන්නා.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එම පෙරමුණේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද,

“අපි දැක්කා ඊයේ මියගිය කොටි අවතාර මැද්දේ නැගිටපු විජයකලා නැමති ද්‍රෝහී ගැහැනියගේ ප්‍රකාශයෙන් මුළු රටම කැළඹී තියෙනවා.  අපි දකිනවා පාලක පක්ෂයේ ජනාධිපති අගමැති හැරෙන්නට මුළු රටම බොහෝම කැළඹිල්ලට පත් වී ඇති බව. අපි මතක් කරන්නට කැමතියි එක කාරණාවක් කිසිවෙක්ට දිනන්නට බැහැ කියපු ලෝකයේ තිබෙන රුදුරු තම ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුම ලෙසින් හැඳින්වූ ඉතාම ගෞරවනීය සටනකින් පසුව  පරාජය කළ රාජ්‍ය නායකයා තවමත් ජීවතුන් අතර. ඒ නිසා විජයකලා කියනවනම් නැවතත් කොටි නැගිටින්නට වශ්‍යයි කියලා අපි ඈට මතක් කරනවා දෙවෙනි නන්දිකඩාල් කලපුව හදන්නත් අපට පුළුවන්.  මොකද පළමුවෙනි නන්දිකඩාල් හදපු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් අදටත් ජීවතුන් අතර,  ඒ වගේම එම යුද්ධයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරපු ගෝඨාභය රාජපක්ෂ  මැතිතුමා ජීවතුන් අතර.  එම නිසා  දෙවන නන්දිකඩාල් කලපුව  පළමු නන්දිකඩාල් කළපුව වඩා විශාල බව අපි ඒ කොටි දෙනට මතක් කරනවා.”