මහින්දට නෙල්සන් වෙන්න කිව්වාම මුගාබේ උණා….පොඩි හිට්ලර් සුදුවෑන් ඇති කළා….අයෙත් පවුල් පාලනය ඕනෙද?

5

2020 රට ගොඩ නැගිය හැකි නව බලවේගයක් ගොඩ නැගිය යුතු බව අමාත්‍ය රාජිත සේනාරතන් පවසනවා.

බේරුවල කාලවිලකන්ද ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

“බොරු වීරයෝ මේ ආණ්ඩුවෙත් ඉන්නවා. සර්ව සම්පූර්ණ මිනිස්සු කොහේවත් නැහැ. වැරැදි හදාගත යුතුයි. මේ ආණ්ඩුව බිහි කිරීමට මම කැපවුණා. ගෝඨාභය රාජපක්ෂට හිට්ලර් කෙනකු වෙන්න කියලා අස්ගිරි අනුනායක හිමි ප්‍රකාශ කළා. මේ හිට්ලර් තමයි සුදු වෑන් සංස්කෘතිය බිහි කළේ. මෙතුමා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැහැ කියලා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා කියල තිබුණා. හිට්ලරුත් එහෙමයි. නමුත් මිනිස් ජීවිත බිල්ලට ගත්තා. එයා මහ හිට්ලර්. මෙයා පොඩි හිට්ලර්. මෙන්න මෙහෙම කෙනකුව තමයි කරේ තියාගෙන යන්න හදන්නෙ.”

“රාජපක්ෂ සහ සේනාරත්න පවුල් දිගුකාලීන මිතුරන්. හිටපු ජනාධිපතිවරයාට නෙල්සන් මැන්ඩෙලා වෙන්න කිව්වත් එතුමා මුගාබේගේ චරිතය රඟ දැක්වූවා.යුද්ධය තාවකාලික විසඳුමක් විතරයි. යුද්ධය අවසන් වීමෙන් පසු විශාල ණය කන්දරාවක් මත රට විනාශ වෙන්න පටන් ගත්තා. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දුන්නේ නැහැ. විදේශීය රටවල් සම්බාධක පනවන්න හැදුවා. එවැනි වකවානුවකයි යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ.”

“මහින්ද රාජපක්ෂ මහතා සමඟ මට පෞද්ගලික තරහක් තිබුණේ නැහැ. මම බැලුවෙ මිත්‍රත්වය වෙනුවෙන් ජනතාවට ද්‍රෝහියෙක් වෙන්නෙ මොකටද කියලයි. සමහර දේශපාලන පක්ෂ අනෙක් අයගේ වැඩ විවේචනය කරනවා. ඒ අයගෙ රැකියාව විවේචනය කිරීමයි. වමේ ව්‍යාපාරය ආණ්ඩු බලය ගත්තත් කියපු වැඩ සාර්ථකව කර ගන්න බැරි වුණා. ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා ආණ්ඩුවේ වාඩිවෙලා කරපු වැඩ කොටස මොකක්ද කියල බැලුවොත් ඒකත් ප්‍රශ්නයක්. විවේචනය කිරීම තරම් රාජ්‍ය යාන්ත්‍රණය ගෙන යෑම පහසු නැහැ. 1947 සිට පැවැති සෑම ආණ්ඩුවක වැඩපිළිවෙළ විවේචනය කර තිබෙනවා. එහෙම විවේචනය කරපු අයත් පසුකාලීනව පාර්ලිමේන්තුවට පැමිණි පසු කළේ මොකක්ද කියා ප්‍රශ්නයක් තිබෙනවා. හිටපු ජනාධිපතිනිය ජාතිවාදයට විරුද්ධයි. නමුත් හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේ ජාතිවාදීවයි. නමුත් මම ප්‍රතිපත්ති වෙනස් කෙළේ නැහැ. විදේශ රටවල මිනිස්සු පක්ෂය කියලා පච්ච කොටාගෙන ඉන්නේ නැහැ. හැම පක්ෂයකම හොඳ වගේම නරකත් තියෙනවා. වත්මන් ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට දැනෙන විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. මාධ්‍ය නිදහස ලබාදුන්නා. ඒ කාලයේ කර්තෘවරුන් පවා ඝාතනය කළා. පත්තරවල ලියපු පළියට මරන්න හේතු තියෙනවාද? ඒ සංස්කෘතිය අප අවසන් කළා. නමුත් අද ඇතැම් මාධ්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා ගැන කතා කරනවා. පරණ දේවලුත් අල්ලගෙන මාධ්‍ය අපට පහර ගහනවා.”

“අපේ ආණ්ඩුව සමාජ සුබසාධනය වැඩිකර තිබෙනවා. ඇතැම් නිලධාරීන් එම සුබසාධනවල වාසිය ජනතාවට ලබාදෙන්නේ නැහැ. ඒවා දේශපාලනීකරණය කරනවා. සෞඛ්‍ය සේවාව තුළත් අපි විශාල වැඩකොටසක් ඉටු කළා. රුපියල් ශතවලින් ජීවිත ගණන් කරන යුගය අවසන් කළා. ආත්ම ශක්තිය දුර්වල නොකර බාධක බිඳ දමමින් රාජද්‍රෝහීන් පලවා හරිමින් ක්‍රියා කළ හැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුයි. විස්සයි විස්ස රට ජය ගන්නා නව බලවේගයක් නිර්මාණය කළ යුතුයි.”

5 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here