රාජපක්ෂ සහෝදරවරු කාකොට ගන්නේ නෑ….!

0

රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්‍රතික්ෂේප කරන බවත් එහි විද්‍යාමාන සාක්ෂිය මෙම උත්සවය බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

අද (03)  බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාමාජිකත්ව ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ පෙබරවාරි 10 වැනිදා දිනපු දිනිල්ලේ දෙවැනි ඉනිම ජයග්‍රහණය කරවීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවයි.

වියත් මග, ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණෙ දේශපාලන කටයුතුවලට නිල වශයෙන් සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය විය.