NYT වාර්තාව පිටිපස්සේ ඉන්නේ ගොබෙල්ස් මංගලයි එයාගේ මාධ්‍ය ලේකමුයි……!

0

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ අදාළ ලිපිය ලිවීම සඳහා තොරතුරු ලබාගත් ආකාරය අනාවරණය කිරීමට එම මාධ්‍යවේදිනියට මෙරටට පැමිණෙන ලෙස සුහද ආරාධනයක් කරන බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු වියදම් දැරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකර සඳහන් කරනවා.

ඊයේ (04) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවට සහාය දුන් මාධ්‍යවේදීන් දෙදෙනෙක් මේ රටේ ඉන්නේ. ඔවුන් සමීප සම්බන්ධතාවක් දක්වන්නේ මංගල සමරවීර සමඟ. පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවකදී මම මේ කරුණු සියල්ල හෙළි කළා. ඒ දෙදෙනාගෙන් ඩරීෂා බැස්ටියන් කියන මාධ්‍යවේදිනිය මීට මාස 3කට කලින් මංගල සමරවීර යටතේ තියෙන ලේක්හවුස් ආයතනයේ පුවත්පතක කර්තෘ තනතුරකට පත් කළා.”

“ඒ වගේම මෙයට සම්බන්ධ වුණු අනෙක් මාධ්‍යවේදියා ආතර් වාමන් කියන පුද්ගලයා. මොහුත් මංගල සමරවීර ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් එක්ක ඉතාම සමීපව කටයුතු කරනවා. අපි ළඟ තොරතුරු තියෙනවා. අපි ඉදිරියේදී සාක්ෂි සහිතව මෙම තොරතුරු ඉදිරිපත් කරනවා.”

“මන්දානා අබේවික්‍රම කියන මාධ්‍යවේදිනියත් මේකට සම්බන්ධයි. මංගලගේ මාධ්‍ය ලේකම් යටතේ ඇය වැඩ කරනවා. අපි විවෘත ආරාධනාවක් කරනවා. මේ තුන්දෙනාටම මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කරන්න කියලා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here