L.T.T.E ගේන්න හදපු අය දැන් ඉන්නේ අඩි 6ක් යට….ආයේ ආවත් එච්චරයි….!

0

අතීතයේ එල්ටීටීඊ සංවිධානය ගෙන ඒමට උත්සහ කළ මැති ඇමතිවරුන් බහුතරයක් දැන් ඉන්නේ අඩි 6ක් පොළව යට බවත් නැවතත් එල්ටීටීඊ ගෙන ඒමට උත්සහ කරන මැති ඇමතිවරුන්ට සිදු වන්නේද එම ඉරණමම බවත් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

රාජ්‍ය අමාත්‍ය විජේකලාගේ ප්‍රකාශය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“එතුමිය කරපු ප්‍රකාශ ඉතා බරපතලයි. රටේ මොන ප්‍රශ්න තිබ්බත් ත්‍රස්තවාදය අයේ ගේන්න දෙන්න බෑ. මම හිතන්නේ එතුමියට විරුද්ධව දේශපාලන පියවරකුත් ගන්න වේවි. අතීතයෙත් හිටියානේ එල්ටීටීඊ ගේන්න උත්සහ කරපු මැති ඇමතිවරුන් උතුරේ. ඒ අය ඔක්කෝම අද ඉන්නේ අඩි 6ක් පොළව යට. නැවතත් එල්ටීටීඊ ගේන්න උත්සහ කළොත් ඒ අයටත් ඒ ගමනම යන්න වේවි.” අමාත්‍යවරයා පවසා සිටියා.

Sarath Fonseka