රජ්ජුරුවෝ එලවපු අපිට දොරටුපාලයෝ කජ්ජක්ද?

0

මාධ්‍ය විසින් වාර්තා කරන කරුණු පිළිබඳව කතා කිරීමට හිටපු පාලකයන්ටවත් දැන් පාලකයන්ට අයිතියක් නොමැති බවත් මාධ්‍ය සමඟ තරග කොට දිනු පාලකයෙක් නොමැති බවත් කේ ඩී ලාල් කාන්ත පවසනවා.

අත් පත්‍රිකා දස ලක්ෂයක් බෙදා හැරීමට ඊයේ (04) කොටුව දුම්රිය පොල අසලදි එක්වෙමින් ඔහු මෙ බව සඳහන් කර සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පක්ෂ කාර්යාලයට ආවා එතුමා නිසා ඔබතුමාලට ඉදිරි ජනාධිපතිවරණය අභියෝගයක් වේවිද?

“දොරටුපාලයෙක් කවදාවත් අභියෝගයක් වෙන්නේ නෑ ජනතාවට. එතුමා පහුගිය ආණ්ඩුවේ දොරටු පාලයා ආරක්ෂකයා. රජ්ජුරුවන්ව පරාජය කරපු ජනතාවට ආරක්ෂකයා මහ ලොකු දෙයක් නෙමයි. අභියෝගයක් නෑ.”

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පලවූ වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම මාධ්‍යයට කියන්නේ හෙලි දරව් කරන්න එපා කියලා?

“ජනමාධ්‍යයට යම් යම් ප්‍රචාර කරන්න ඕන නෑ කියන එක පාලකයෝ කතා කරන්න ඕනෙත් නෑ. හිටපු පාලකයෝ කතා කරන්න ඕනෙත් නෑ. මාධ්‍ය තමන්ගේ කාර්යය කරයි. ඇත්තටම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ කියන කාරණය හරි, මොකද්ද ප්‍රශ්නයක් තියනවා නම් ඒ පත්තරෙත් එක්ක ඒ ප්‍රශ්නය විසඳා ගන්න ඕන. එහෙම නැතුව මෙහේ මාධ්‍ය එක්ක නිකම් ඔට්ටු අල්ලලා වැඩකුත් නෑ. මාධ්‍ය එක්ක ඔට්ටු අල්ලලා දිනපු කෙනෙක් නෑ. අපි ඉන්නේ මාධ්‍ය පැත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here